ආයතන ස්වාධීන කළා. දේශපාලනය නමැති හිස අපි ගලවලා පැත්තකට දාලා තියෙන්නෙ – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප්‍රේල් 10 වෙනිදාට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ගෙන ඒමටත් අලුතින් පනතක් හඳුන්වා දීමටත් කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“අපි දන්නවා අපේ සමාජය ඉස්සරහා තියෙන ඇතැම් වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට තමුන්නාන්සෙලා සංසන්දය කරනවා ඇති කලින් ආණ්ඩුවක නම් මෙහෙම වුණේ නෑ , කලින් ආණ්ඩුවක නම් එයා එළියේ, කලින් ආණ්ඩුවක නම් එයාව ඔහොම අත් අඩංගුවට ගන්නෙ නෑ කියලා. ඒ ආයතනවලට ස්වාධීනත්වය දීලා තියෙනවා. දේශපාලනය නමැති හිස අපි ගලවලා පැත්තකට දාලා තියෙන්නෙ. අප්‍රේල් 10ට කලින් අලුත් සංශෝධන තුනක් ගේනවා අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට සහ අලුත් පනතක් හඳුන්වලා දෙනවා. ඊටපස්සෙ මැයි මාසෙ සෙෂන් එක ඇතුළෙ තවත් අණ පනත් රාශියක් හඳුන්වලා දීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට අදාළ පනත ගෙන ඒමට නියමිතයි”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...