ආයතන ස්වාධීන කළා. දේශපාලනය නමැති හිස අපි ගලවලා පැත්තකට දාලා තියෙන්නෙ – ඇමති වටගල

සටහන – රුවන් නෙළුගොල්ල

අප්‍රේල් 10 වෙනිදාට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහයට සහ දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ගෙන ඒමටත් අලුතින් පනතක් හඳුන්වා දීමටත් කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“අපි දන්නවා අපේ සමාජය ඉස්සරහා තියෙන ඇතැම් වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට තමුන්නාන්සෙලා සංසන්දය කරනවා ඇති කලින් ආණ්ඩුවක නම් මෙහෙම වුණේ නෑ , කලින් ආණ්ඩුවක නම් එයා එළියේ, කලින් ආණ්ඩුවක නම් එයාව ඔහොම අත් අඩංගුවට ගන්නෙ නෑ කියලා. ඒ ආයතනවලට ස්වාධීනත්වය දීලා තියෙනවා. දේශපාලනය නමැති හිස අපි ගලවලා පැත්තකට දාලා තියෙන්නෙ. අප්‍රේල් 10ට කලින් අලුත් සංශෝධන තුනක් ගේනවා අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට සහ අලුත් පනතක් හඳුන්වලා දෙනවා. ඊටපස්සෙ මැයි මාසෙ සෙෂන් එක ඇතුළෙ තවත් අණ පනත් රාශියක් හඳුන්වලා දීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට අදාළ පනත ගෙන ඒමට නියමිතයි”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...