විනෝදය මරණයකින් කෙළවර වෙයි!

Date:

කොළඹ LNW:කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් යන තැනැත්තා සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයෙකි.

එක් මරණකරුවෙකු දින දෙකකට පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී තිබූ බවත් ඉන්පසු කිසිදු තොරතුරක් වාර්තා නොවීම මත ලද පැමිණිල්ලක් ලැබී තිබී ඇති අතර මළසිරුරක් කළුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර පැය තුනකට පමණ පසුව තවත් මළසිරුරක් හමුව ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...