සූර්ය විදුලිය මිලදී ගැනීමේදී ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනට්ටුවට !

වහල මත සවිකරන සූර්ය කෝෂවලින් විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාගැනීමේදී විදුලි ඒකකයකට ගෙවන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ නිර්දේශ මත අදාළ මිල ගණන් අඩුකිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සූර්ය විදුලි පද්ධති සඳහා අදාළ නොවන අතර නව සූර්ය විදුලි පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිත බවත් සඳහන්.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.

ඒ ආකාරයට යෝජිත නව මිල ගණන් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...