*
Monday, March 31, 2025
spot_img

Latest Posts

ව්‍යාපාරික ලෝකය ජය ගැනීමට ලංකා වාණිජ මණ්ඩලයේ කැපවීම 186 වසරක් සපුරයි!

සටහන – පුලී
මාර්තු 26, කොළඹ (LNW):
 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය ඊයේ දින සිය 186 වන සංවත්සරය සමරනු ලැබීය.

මෙම සන්ධිස්ථානය සනිටුහන් කරමින්, වසර 186ක් තිස්සේ ලංකා වාණිජ මණ්ඩලය එහි සියලු උත්සාහයන්හිදී ශ්‍රී ලංකාව පළමු තැනට තැබීමට කැපවී සිටීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

“ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටීම, වෙළඳ පහසුකම් සැපයීම හෝ වෙළඳපල ප්‍රවේශය පෝෂණය කිරීම, ජාතික සංවර්ධනය සහ සමෘද්ධිය මෙහෙයවන අතරම ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා අපගේ කැපවීම අපි නැවත තහවුරු කරමු.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටීම, සහභාගී වීම සහ වෙළඳපල ප්‍රවේශය යන මූලික කුළුණු මගින් මෙහෙයවනු ලබන ලංකා වාණිජ මණ්ඩලය ආර්ථිකමය වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව, ජාත්‍යන්තර වෙළඳාම සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා අඛණ්ඩව සිය සහය ලබා දීය.

පසුගිය වසර පුරා පැවති ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථික ප්‍රකෘතියට සහාය වීම, ආයෝජන ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීම සහ වෙළඳාමට පහසුකම් සැලසීම සඳහා ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිතයින් සහ ගෝලීය වෙළඳ ආයතන සමඟ හවුල්කාරිත්වයන් තුළින් ප්‍රධාන කොටස්කරුවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ලංකා වාණිජ මණ්ඩලය මනා උත්සාහයක් දැරීය.

ලංකා වාණිජ මණ්ඩලය ශ්‍රී ලාංකික ව්‍යවසායන් සඳහා අවස්ථා පුළුල් කර ඇති අතර, ලොව පුරා ශක්තිමත් ආර්ථික සබඳතා වර්ධනය කිරීමට ද කටයුතු කරයි.

අනාගතයේදී ශක්තිමත් ව්‍යාපාර ගොඩනැගීම, තිරසාර අවස්ථා නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳපොළ තුළ ප්‍රධාන තරඟකරුවෙකු ලෙස සිය පැවැත්ම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ලංකා වාණිජ මණ්ඩලය පැවසීය.

186 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරන මේ අවස්ථාවේදී, නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය එහි සාමාජිකයින්ට, කොටස්කරුවන්ට සහ හවුල්කරුවන්ට ඔවුන්ගේ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගීතාවයට සිය කෘතඥතාව පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan