කැනඩාවේ ජාතික මැතිවරණය කඩාකප්පල් කරන බවට ඉන්දියාව, චීනය, ජපානය හා පකිස්ථානය යන රට වලට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි විසින් එළඹෙන අප්‍රේල් මස 28වන දින පැවැත්වීමට නියමිත කැනඩාවේ ජාතික මැතිවරණය ඉන්දියාව, චීනය, පකිස්ථානය සහ ඉරානය යන රටවල් වඩ වඩාත් නවීන සාවද්‍ය තොරතුරු ව්‍යාපාර හරහා ජාතික ඡන්දය කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටින බවට කැනඩාවේ ආරක්ෂක අංශ චෝදනා කර තිබේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතා කරමින් ඡන්දදායකයින් රැවටීමට සහ ඩයස්පෝරා ප්‍රජාවන් නොමඟ යැවීමට ඉහත සඳහන් රටවල් උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කැනඩාවේ ඔත්තු ඒජන්සියේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ මැතිවරණ කාර්ය සාධක බලකායේ ආරක්ෂක සහ බුද්ධි තර්ජන සභාපති වැනේසා ලොයිඩ් සඳහන් කර තිබුණේ, විදේශ මැදිහත්වීම් ක්‍රියාකාරකම් තවදුරටත් සැඟවීමට ඔවුන්ගේ තාක්ෂනය භාවිතා කරන බැවින් එය හඳුනා ගැනීම වඩාත් අභියෝගාත්මක වනු ඇති බවයි.

කෙසේ නමුත්, කැනඩාවේ මැතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉන්දියාවට මීට පෙර ද චෝදනා එල්ල වී ඇතත්, එහි රජය එම චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...