චාමර සම්පත් විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ ඉන්නවා – නි.ඇ.චතුරංග අබේසිංහ

Date:

කොළඹ LNW:චාමර සම්පත් පමණක් නොව තව සෑහෙන පිරිසක් චෙක් ලිස්ට් එකේ සිටින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

ඒ, අද (28) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය රජයන් මෙන් නොව වත්මන් රජය අදාළ ආයතන වෙත ස්වාධීනත්වය ලබා දී උපරිම කාර්යක්ෂමතාවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දී තිබෙන බවයි අමාත්‍යවරයා පැහැදිලි කළේ.

ඒ අනුව ඉදිරියේදී මාසයකට දෙතුන් දෙනෙකුගේ නම් අධිකරණ කටයුතුවලට, අධීක්ෂණ කටයුතුවලට කැඳවනු ඇති බව අබේසිංහ මහතා තවදුරටත් පැවසුවේය.

”චාමර සම්පත් මහත්මයා විතරක් නෙවෙයි තව සෑහෙන පිරිසක් මේ චෙක් ලිස්ට් එකේ ඉන්නවා. මොකද CIABOC කියන්නේ මුදල් වත්කම් අත්පත්කර ගැනීම, සිද්ධ වෙන වංචා දුෂණ පිළිබඳ කොමිෂන් සභාව. ගිය අවුරුද්දේ ගිය රජය ඇතුලේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න පුළුවන් චෝදනා 135ක් තියෙනවා. මේගොල්ලෝ එක චෝදනාවක් වත් ඉදිරියට ගෙනිච්චේ නැහැ මොකද ඒවාට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණා. සෘජුව ඊට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට සම්බන්ධ වෙලා තිබුණා. දැන් එකින් එක මේවා සිද්ධ වෙනවා. රජය විදිහට අපි කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ. ඒ ආයතන ස්වාධීන කරලා,ශක්තිමත් කරලා,ඒගොල්ලන්ට අවශ්‍ය සේවක පිරිස ලබාදීලා තියෙන්නේ ඔවුන්ගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරන්න කියල. ඉතින් ඒ උපරිම කාර්යකෂමතාවයෙන් ඔබට දැක ගැන පුළුවන් වෙයි යම්කිසි කාලයක් යනකොට මාසෙකට දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගෙ නම් ඔය විදිහට අධීක්ෂණ කටයුතුවලට,අධිකරණ කටයුතුවලට යොමුවෙනවා.”

මේ අතර සිදුවන අත්අඩංගුවට ගැනීම් දේශපාලන පළිගැනීම් බවට විපක්ෂය විසින් මතුකරන කාරණය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වන ලදී.

”අපිට ජන්දය දුන්නේ මේ රට දුෂණය කරපු මේ රට වංචාවට ලකක්රපු මුදල් අවභාවිතා කරපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. 2015 වගේ නීතිය වල් බූරු විදිහට ක්‍රියාත්මක කරන්නේ නැහැ. හොඳට හොයල බලලා හරියටම නඩු කටයුත්ත ස්ථාවර නම් එය ඔප්පු කළ හැකි නම් පමණක් ඒ නඩු කටයුතු ඉදිරියට යනවා. අපේ කිසිම බලපෑමක් නැහැ. දැවැන්ත සහයක් පොලිස් දෙපර්තමනේතුවට CID එකට නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා දේශපාලන මැදිහත්වීමකින් තොරව තමන්ගේ ස්වධින බව ආරක්ෂා කරගෙන තමන්ට ශක්තිමත් කොන්ද කෙලින් තියාගත්ත රාජ්‍ය සේවකයෙක් විදිහට වැඩ කරන්න ඔවුන්ට අයිතිය දීලා තියෙනවා. අපි හිතනවා ලංකාවේ පළමු වතාවට රාජ්‍ය සේවකයෝ ඒ ශක්තිය අරගෙන මේ රටේ වෙච්ච අපරාධවලට අවශ්‍ය පුද්ගලයින් දඬුවම් දෙයි කියල. ජනතාව කිසිසේත්ම හිතන්නේ නැ මේක දේශපාලන පළිගැනීමක් කියල.” යනුවෙන් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...