නේපාලයේ රාජාණ්ඩුවට එරෙහි කත්මන්ඩු රැළියේදී විරෝධතාකරුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේපාලයේ රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා කත්මණ්ඩු නුවර පැවති විරෝධතා වකදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී දෙදෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා 17 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

රටේ පවතින අඛණ්ඩ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට ජනතාව තුළ නේපාලය රජය කෙරෙහි පුළුල් අතෘප්තියක් ඇතිව ඇති අතර 2008 දී අහෝසි කරන ලද හින්දු රාජාණ්ඩුව නැවත ස්ථාපිත කරන ලෙසත්, රට ලෞකික රාජ්‍යයක් ලෙස නොව හින්දු රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කරන ලෙසත් දහස් ගණනින් සෙනග අගනුවරට පැමිණ තිබේ.

රාජකීය-හිතවාදීහු පොලිස් බාධක බිඳ දමා නිලධාරීන්ට ගල් ගැසීමත් සමඟ විරෝධතා ප්‍රචන්ඩකාරී ස්වරුපයක් ගනු ලැබූ අතර රාජකීය විරෝධතාකරුවන් නිවාස හා සාප්පු විනාශ කිරීමට සහ ගොඩනැගිලි ගිනි තැබීමට පටන් ගැනීමත් සමඟ වීදි පුරා අවුල් සහගත තත්වයක් ඇතිව ඇත. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් සහ රබර් උණ්ඩ සහ ජීව උණ්ඩ වලින් අහසට වෙඩි තැබීමෙන් තත්වය පාලනය කිරීමට උත්සහ ගෙන තිබේ.

තත්වය පාලනය කිරීම සඳහා මේ වන විට රජය අගනුවර ප්‍රදේශවල ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ආරක්ෂක නිලධාරීන් වීදිවල යොදව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...