නව ඔලිම්පික් සභාපතිනිය නෙට්බෝලය මත ඇති කරන උත්තේජනය

Date:

නිශ්මං රණසිංහ , මාර්තු 29 LNW:

කිර්ස්ටි කොවෙන්ට්‍රි ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ සභාපති පදවියට එකතුවීමෙන් නෙට්බෝල් ක්‍රිඩාවට ඔලිම්පික් උළෙලට ඇතුළත් විමට තිබුණ ඉඩ කඩ පුළුල් වෙනු ඇතැයි සභාපතිණියගේ නව තනතුරට සුබ පතන අතරේම ලෝක නෙට්බෝල් සංගමයේ සභාපතිනිය වන ඩේම් ලිස් නිකොල් ඩීබීඊ බලාපොරොත්තු පළ කරයි.

කර්ස්ටි වසර ගණනාවක් පුරා ලෝක නෙට්බෝල් ක්‍රීඩාවට විශාල ආධාරකරුවෙකු වී ඇති අතර, මෑතකදී දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවති අපගේ නෙට්බෝල් ලෝක කුසලාන 2023 ට සහභාගී වූ අතර එම වසරේම අපගේ සම්මේලනයේ සාඩම්බර ආරාධිත ප්‍රධාන කථිකයෙකු ලෙස ද එක්විය.”
අනාගතය ගැන බලාපොරොත්තු තබා ගනිමින් නෙට්බෝල් සභාපතිණිය පවසන අතර වෙන විට ලෝක නෙට්බෝල් වෙබ් අඩවිය එම කතාවේ වීඩියෝ පිටපතක් ද ප්‍රසිද්ධ කර ඇත.

කොවෙන්ට්‍රි එම අදහස් චැළක්වීමේදී “නෙට්බෝල් සමඟ අපට දැකිය හැකි දෙය නම්, ඔවුන් විශේෂයෙන් ශක්තිමත් රටවල් හෝ කලාප තුළ රැඳී සිටීමෙන් සීමා නොවී, ගෝලීය වශයෙන් සත්කාරක රටවල් තෝරා ගැනීමයි.ක්‍රීඩාවේ දියුණුවට එය ඇත්තෙන්ම වැදගත්, මන්ද විවිධ කලාපවලින් පැමිණෙන රසිකයින්ට සජීවීව ක්‍රීඩා නැරඹීමට ප්‍රවේශය ලැබෙන විට, ඔවුන් ක්‍රීඩාවට ආදරය කරයි, ඔවුන් ක්‍රීඩකයින්ට ආදරය කරයි, ඔවුන් ක්‍රීඩාව වඩා හොඳින් තේරුම් ගනී, එය නෙට්බෝල් ඉතා හොඳින් කර ඇති දෙයක් යැයි මම සිතමි.” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ලෝක නෙට්බෝල් ප්‍රධාන විධායක නිලධාරී ෆියෝනා හැරල්ඩ්, නෙට්බෝල් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරී ස්ටේසි වෙස්ට් සහ නෙට්බෝල් ඔස්ට්‍රේලියා සභාපති ලිස් එලිස් මෑතකදී බ්‍රිස්බේන් 2032 ඔලිම්පික් ප්‍රධාන විධායක නිලධාරී සින්ඩි හූක් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රෙන්ඩන් කීන් හමුවී බ්‍රිස්බේන් 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නෙට්බෝල් ඇතුළත් කිරීමේ විභවය පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡාවල නිරත විය.


එහිදී හැරල්ඩ් සුබවාදිව එම අවශ්‍යයතාවය වෙනුවෙන් සූදානම් වීමේ ඉඩ හසර හැඳිණ අදහස් දක්වා ඇති අතර මේ මොහොත කිර්ස්ටි ගේ පත්වීම එම තේරුම් ගැනීමේ ක්‍රියාවලිය නෙට්බෝල් ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ගැනීමෙන් කෙළවර කර ගැනිමේ ආශිර්වාදයක් වනු ඇතැයි ලෝක නෙට්බෝල් අපේක්ෂාවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...