ආර්ථික උපදේශක ධූරයෙන් හුලංගමුව ඉවත් කරන්න – ජනපතිට ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක ධූරයේ කටයුතු කරන දුමින්ද හුලංගමුව මහතා ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් කම්කරු සම්මේලනය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, වතු සංවර්ධනය සඳහා වූ සමාජ ආයතනය, ශ්‍රමාභිමාන කේන්ද්‍රය, ස්ටෑන්ඩ්අප් මූමන්ට් ලංකා, වතු ජනතා හඬ, අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව, මානව තත්ත්වය උසස් කිරීමේ සංවිධානය, ඉඩම් අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු පාර්ශ්ව රැසක් මෙම ලිපියට අත්සන් තබා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සඳහා එහි වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වැරැදිකරු වූ ‘අර්නස්ට් ඇන්ඩ් යංග්’ විගණන සමාගමේ මෙරට කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන අතර ජනාධිපති උපදේශක තනතුර ද දැරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බරපතළ ගණයේ ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වීම මත මෙම ඉල්ලීම කරන බවයි එම සංවිධාන පවසන්නේ.

එමෙන්ම දුමින්ද හුලංගමුව මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්කිරීමට නියමිත බවට වාර්තා පළවෙමින් ඇතැයි ද ආර්ථික තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් සේවයේ ප්‍රබල තනතුරක් වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ඔහුව පත්කරනු ලැබුවහොත් පෞද්ගලික අංශය කෙරෙහි තිබෙන රාජ්‍ය අධීක්ෂණය ඉවත් වී ශ්‍රී ලංකාවේ මහ ජනතාවට වඩා වැඩි අනිසි වාසියක් පෞද්ගලික අංශයට ලබා දීමට හේතුවන ලැදියාවන් අතර ගැටුමක් තවත් වටයකින් නිර්මාණය කරනු ඇතැයි උක්ත ඉල්ලීම සම්බන්ධයෙන් බලපා තිබෙන කාරණයක් ලෙසයි දැක්වෙනේ.

විගණකාධිපතිවරයා හෙලිදරව් කළ ආකාරයට පෞද්ගලික අංශයේ 2022 වර්ෂයේදී රුපියල් බිලියන 904ක් වූ හිඟ බදු ප්‍රමාණය 2023 වර්ෂයේදී රුපියල් බිලියන 1,066ක් දක්වා ඉහළ යද්දී එම වර්ෂවල සුරාබදු සහ දුම්කොළ යන අංශවල හිඟ බදු ප්‍රමාණය පිළිවෙළින් රුපියල් බිලියන 5.56 සිට රුපියල් බිලියන 7.27 දක්වා ඉහළ ගොස් ඇතැයි එම ලිපියේ දක්වා ඇති බව සඳහන්.

2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවට අනුව 2023 දෙසැම්බර් 31 වන විට වැට් බදු හිඟ මුදල් සහ පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 455ක් වී යැයි ද අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිභෝජනය පවා අත්හැරීමට සිදුවී තිබෙන තත්ත්වයක් තුළ පෞද්ගලික අංශය එම ජනතාව අධික බරක් දරමින් ගෙවන වැට් බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස තබාගැනීමක් මෙමඟින් සිදුව ඇතැයි ද චෝදනා එල්ල අකර තිබේ.

එහෙත් දුමින්ද හුලංගමුව සභාපතිත්වය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ පෙනී සිටින්නේ බදු ආශ්‍රිත වංචාවල නියැලි සිටින පෞද්ගලික අංශයේ අයිතීන් වෙනුවෙන් යැයිද එම ලිපියේ සඳහන් වනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...