ට්‍රමිප් සුනාමිය තවම අවසන් නැත. දෙවන බදු සුනාමිය අප්‍රේල් 02 දා.!

Date:

අශෝක ජයතුංග

මාර්තු 30 වොෂින්ටන් LNW :

🍎තෙවන සුනාමියක් ගැනත් මත.

🍎 වාහන වලටත් 25% කින් අරී. ජපානය හා යුරෝපය තිගැස්සෙයි.

🍎ට්‍රම්ප්,සිරිමාවෝ හා ගෝටා…?

ඇමෙරිකාව යළි ලොව කිසිවෙකුටත් ලංවිය නොහැකි අදීනම රටක් බවට පත්කරන්නට ජනපතිවරණයේදී ප්‍රතිඥා දුන් ට්‍රම්ප් ඡන්දෙන් පසු ඒවා අමතක කොට වෙන පාරක ගියේ නැත. කම් ඹි චිකාගෝ කියා පැය 24 ක් තුළ එක පෑන් පහරින් ලොවම කළඔන තීන්දු 72 ගත්තේය.

ට්‍රම්ප් ඉන් නැවතුනේ නැත.සතියෙන් සතිය තව තවත් තීන්දු ගනිමින් විටෙක ඇමෙරිකානුවන් පවා තැති ගන්වන ලෙස ක්‍රියා කළේය. ලොවට ඇමෙරිකන් ආධාර සැපයු USAid අහෝසි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුණේය.යුද්ධ නවත්තපල්ලායි යුක්රේනයට ඉරානයට හා හමාස් එකට රතු එළි දල්වා කරටි මිරිකුවේය. ඇමෙරිකාවට අවාසි වන ආනයන අපනයන පරතර සහිත රටවලට ඒවා සමබර වන ලෙස අධිකව කප්පරක් බදු ගැසුවේය. හොරෙන් පැන ඇමෙරිකාව තුළ සිටින අය කොටු කර යළි පැටවීම ද ආරම්භ කළේය.

“Dirty15” නමින් රටවල් 15 ක් ට්‍රම්ප් නම්කර තිබේ. ඉන් පළමු බදු රැළ්ලට කැනඩාව මෙක්සිකෝව ඇතුලත් විය. යුරෝපා සංගමයේ රටවල් 27 හා චීනයට ද බදු තග දැම්මේය. බදු තගේ දෙවන වටය අප්‍රේල් 02 දාය. ඊට ඉන්දියාව හා ආසියාවේ රටවල් බිළිවෙතැයි කියවේ. ඒ අතර ලංකාව සිටීදැයි කීමට පැහැදිලි සාක්කි නැත. දැන් සියලු රටවල් ඒ තුළ ඇමෙරිකානු බදු ප්‍රතිපත්තියේ මහ දෙවොල වන එරට වෙළෙද දෙපාර්තමේන්තු වන්දනාවේය.

ලොව බොහෝ රටවල් තම වෙළෙද පොළ බවට පත්කර ගෙන ඇත්තේ ජනගහනය කෝටි 35 කට ආසන්න ඇමෙරිකාවය. ඊට හේතුව වන්නේ ඔවුන් හදට අගහරු ලොවට අභ්‍යවකාශය ජයගැනීම නව තාක්ෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් හා නව වෙළෙද සන්නාම බිහි කරන්නට හා තිරිඟු වවන්නට හැර වෙන දේවල් වලට ප්‍රමුඛත්වය නොදීමය. ඒ තුළ චීනයෙන් ඉන්දියාවෙන් ලතින් ඇමෙරිකාවෙන් ආසියාවෙන් අප්‍රිකාවෙන් යුරෝපයෙන් ඇමෙරිකාවට අවශ්‍ය සියලු භාණ්ඩ ලබා ගැනීම දශක කිහිපයක් පුරා සිදු කරමින් සිටියහ. එහෙත් එම කටයුත්ත නිසා ඇමෙරිකානු මුදල් ඩො බිලියන සිය දහස් ගණන් පිටරට ඇදී ගියේය. එම වෙළෙද පරතර සහිත සියලු රටවලට බදු හරහා ගේම දී ඇමෙරිකාවට පාඩු නොවන වෙළෙද පසුබිමක් තැනීම ට්‍රම්ප් න්‍යාය වේ.ලෝකයම දෙදරවන ආර්ථික යුද්ධය දැන් පවතින්නේ එතනය.

ඇමෙරිකාවේ සබබර්න්, ටෙස්ලා පෝfඩ්, ජී එම් ඇතුළු වාහන නිපදවුව ද මුළු ඇමෙරිකාව පුරා වැඩපුර පවතින්නේ ජපන් ටොයොටා හා හොන්ඩා වාහනය. ඒ මධ්‍යම පාන්තිකයන් අතරය. නැතහොත් බෙන්ස් බී එම් ඩබ්ලිව් වොල්වෝ වොක්ස්වැගන් පෝර්චේ වැනි යුරෝපා වාහනය.

ටුම්ප් ඇමෙරිකාව ගැන සිතා ගත් තීන්දුවක් ලෙස සිතමින් ආනයන වාහන සදහා 25% ක අති දැවැන්ත බද්දක් නියම කරන්නට සූදානම් වේ. ඒ තුළ ජපානය හා යුරෝපා වාහන කර්මාන්ත දැඩි භූකම්පනයකට ලක්ව ඇති තරම්ය. කලයුත්තේ කුමක්දැයි සිතා ගැනීමට පවා සියලු රටවලට නොහැකවී තිබේ.

මෙම ක්ෂණික බදු පැනවීමේ පසුබිම ඇමෙරිකානු ආර්ථිකයට ද සෘජු බලපෑමක් කරන බව විශේෂඥ මතයවී තිබේ.ඇමෙරිකානු ආර්ථිකය මෙම තීන්දු නිසා 30% ක සසලවීමකට එනම් පසුබෑමකට ලක්වය හැකි බව පොfක්ස් රූපවාහිනිය සමග ට්‍රම්ප් ම පවසා තිබීම ද විශේෂත්වයකි. ඇමෙරිකානුවන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ අර්බුද පැන නගිනු ඇති බවට ද විග්‍රහ වේ.

ටුම්ප් කරන්නේ රටට අවශ්‍ය සියලු දේ රටේම තැනීමදැයි පැහැදිලි නැත. එය සිරිමාවෝ 1970 කල විදෙස් ආනයන නවතා දැමීම හා ගෝටාභයගේ කාබනික පොහොර සෙල්ලම හා සමාන බව විටෙක සිතේ.මුලින් තහනම් පනවා පසුව රට තුළ වැවීම ඇරඹීම සිරිමාවෝගේ ක්‍රමය විය. එය දැවැන්ත අරබුද ගෙනාවේය. ගෝටාභය  කිසිදු සුදානමක් නැතිව පිටරට පොහොර නවතා කාබනික යයි කීවේය. එය ද හත් පොළේ ගාගත් තීන්දුවක් විය. ට්‍රම්ප්ගේ බදු හා වෙනත් ආර්ථික මෙන්ම සංක්‍රමණ තීන්දු ඇමෙරිකාවට කෙසේ බලපාවිදැයි කියන්නට තවම ඉක්මන් වැඩිය. ට්‍රම්ප් නාහෙට නාහන තීන්දු වෙනස් නොකරන අයෙක් යයි විග්‍රහ වන හෙයින් මේ ගැන ඇමෙරිකාව තුළ සෘජු අදහස් පළ කරන්නට  සමහරු ඉක්මන් නොවන බවක් ද පෙනෙන්නට තිබේ. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය ට්‍රම්ප්ට ටොකු පිට ටොකු අනින්නේ කරේ නැගලාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...