රවිඳුගේ පිත්තෙන් අලුත් බලාපොරොත්තු

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 01 , කොළඹ LNW :

රවිඳු රශාන්ත මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන සිව්දින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදී කැපී පෙණෙනම පිතිකරුවා බවට පත් වී සිටියි.යාපනය කණ්ඩායම නියෝජනය කරමින් තරග දෙකකට පමණක් සහභාගි වී සිටින රවිඳු තරගාවලියේ මේ දක්වා වාර්තා වූ එකම ද්විත්ව ශතකය රැස් කිරීමේ ගෞරවය දිනා ගෙන සිටියි.එම නොදැවී ලැබූ ද්විත්ව ශතකයට අමතරව ඔහු මේ තරගාවලියේ මුහුණ දුන් ඉතිරි ඉණිම් තුනෙන් දෙකකදි ශතකයක් සහ අර්ධ ශතකයක් ලෙස ලකුණු 97 ක් ද රැස් කරන්නට සමත් වී ඇත.


නොදැවී 206,107,97 සහ 13 ක් ලෙස ඔහු විසින් දියත් කළ ඉණිම හතරේදී රැස් කර තිබෙන ලකුණු 423 එකතුවේ සාමාන්‍ය ලෙස පවතින්නේ 141 කි.ඒ අනුව මෙවර තරගාවලියේ මේ වන විට රවිඳු ක්‍රියාත්මක කළ ඉණිම් හරහා ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය දෙසට සිය හැරවීමේ ලක්ෂණ ප්‍රකට කරමින් සිටින බව පැහැදිළිය.


යාපනය කණ්ඩායම වෙනුවෙන් රවිඳු නොදැවී ද්විත්ව ශතකයට යනු ලබන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිව පළමු ඉණිමේ පරාජයක් විඳ තිබියදී සමස්ත තරගය පරාජය වීමේ වගකීමෙන් කණ්ඩායම මුදවා ගැනීම උදෙසා වන සටනට උර දෙමින්ය.යාපනය කණ්ඩායම පළමු ඉණිමේදි සියළු දෙනා දැවී රැස් කරන ලද ලකුණු 201 න් ලකුණු 97 ක් ම රැස් කර තිබුණේ ද රවිඳු ය.


මහනුවර කණ්ඩායම පළමු ඉණිමේදී ලකුණු 332 ක් ලබා ඉදිරියෙන් සිටි අතර ලකුණු 131 ක අවාසියක් සමඟ දෙවන ඉණිමට පිවිසි යාපනය කණ්ඩායමට රවිඳුගේ ඉණිම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට අවශ්‍යය ප්‍රමාණයේ ඉණිමක් ගොඩ නඟා ගන්නට ලැබුණා.තරගය නිමා වන විට දෙවන ඉණිමට මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 197 ක් රැස් කර සිටියා.
ගෙවුණු සතියේ විසඳුමක් ලද තරගය වූයේ රන්ගිිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර පැවති තරගයයි.එහිදී දඹුල්ල කණ්ඩායමට කඩුලු 8 ක ජයක් හිමි වුණා.


පළමු ඉණිමේ කොළඹ කණ්ඩායම සියල්ල දැවී ලකුණු 300 ක් රැස් කරන්නට සමත් වුණා.පිළිතුරු ඉණිමේදී දඹුල්ල සියල්ල දැවී ලකුණු 400 ක් රැස් කරනු ලැබුවා.දෙවන ඉණීමේදී පිත්තෙන් රවිඳු මෙන්ම පන්දුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා වී සිටින අකිල ධනංජය කොළඹ දෙවන ඉණිම ලකුණු 232 ට සීමා කරමින් ලකුණු 104 ට කඩුලු 7 ක් දවා ගන්නට සමත් වුණා.


ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍යය ලකුණු 133 ක් කඩුලු 2 ක් පමණක් දැවී ලබා ගන්නට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල විස්සයි විස්ස ලීගයන් හ අත්දැකීම්...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...

සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...

වාහන 1775 නෙවෙයි 2700ක් ගේනවා. බිලියන 12.5 මූලික ගෙවීමක් විතරයි. ලීසිං වාරික ගාණ මං දන්නෙත් නෑ – ඇමති චතුරංග

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා...