මියන්මාර් ඛේදවාචකය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව මගින් රු.මි 15ක මුදලක පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

පසුගිය දා සිදුවූ භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාර් ජනතාවට මල්වතු අස්ගිරි උභය මහා විහාර හා ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් මිලියන 15 ක මුදලක් අද (02) දින පරිත්‍යාග කළ බව පැවසේ.

ශ්‍රී දළදා මාලිගාවේ උඩ මහලේ පිරිත් මණ්ඩපය ආශ්‍රිත පරිශ්‍රයට අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමි ප්‍රමුඛ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිව් නම ඇතුළු සියක් නමක් මහා සංඝරතනය වැඩම කර විපතට පත් මියන්මාර් ජනතාවට සෙත්පතා පැයක පමණ කාලයක් සෙත් පිරිත් සජ්ජායනයක්ද කළ බව සඳහන් වේ.

අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාර නියෝජනය කරමින් දිඹුල් කුඹුරේ විමලධම්ම හා වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ අවස්ථාවේ අප රටක් ලෙස මියන්මාර් ජනතාවගේ සහයට සිටිය යුතු බව අවධාරණය කර ඇත.

මෙරට උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේලා නොමැති අවස්ථාවක තායිලන්තයෙන් හා මියන්මාරයෙන් උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ වැඩම කර ලක්දිව යළි උපසම්පදාව පිහිට වූ බව උන්වහන්සේලා සිහිපත් කර ඇත.

මියන්මාර් ජනතාව විපතට පත්ව සිටින මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනාතාව ශක්තියක් ලබාදීම අගය කරන බව තානාපතිනිය ප්‍රකාශ කර සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...