ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි මේ දළදා හාමුදුරුවෝ දැකබලා ගන්න අවස්ථාව ලැබෙන්නේ – ලාල්කාන්ත ඡන්ද වේදිකාවේ කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනතාවට ශ්‍රී දළදා වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි මේ දළදා හාමුදුරුවෝ දැකබලා ගැනීමේ අවස්ථාව අපට හම්බවෙලා තියෙන්නෙ. දැන් 18 වෙනිදා ඉඳලා දළදා හාමුදුරුවෝ දැකබලා ගන්න පුළුවන්. දින 10ක් තියෙනවා. ඒකටත් යන්න. දවස් තුනක්වත් පෝලිමේ ඉන්න වෙනවා. මේ රටෙන්ම එනවානෙ. ගියත් ඒකේ තියෙන ප්‍රතිඵලය ලැබෙනවා”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 02) මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...