සිව්දින තරගාවලියේ පෙරමුණ ගාල්ලට – පිතිකරණයේ දී රවිඳු පන්දුවෙන් අකිල

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 03,කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන සතිය ඇරඹෙන විට ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ගාල්ල කණ්ඩායම සමත් වී සිටිනවා.ඔවුන් තරග 2 ට සහභාගි වී එක් තරගයක පූර්ණ ජයද,ඉතිරි තරගයේදී පළමු ඉණ්මේ ජය ද ලබාගෙන සිටිනවා.පූර්ණ තරග ජයක් සහ පූර්ණ පරාජයක් සමඟ දෙවන තැන සිටින්නේ දඹුල්ල කණ්ඩායමයි.


මේ වන විට පිතිකරුවන් අතර පළමු තැන සිටින්නේ යාපනය කණ්ඩායම නියෝජනය කරන රවිඳු රශාන්තයි.එහෙත් යාපනය කණ්ඩායම තවම පළමු ඉණිමේ ජයක් හෝ අත් කරගෙන නොමැති අතර පළමු ඉණිමේ සහ පූර්ණ පරාජයක් ලබමින් ලකුණු සටහනේ අවසාන ස්ථානයේ පසුවෙනවා. පන්දු යැවීම අතින් ඉදිරියෙන් සිටින්නේ දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජයයි.ඔහු මේ වන විට කඩුලු 22 ක් දවා ගෙන තිබෙන්නේ ක්‍රීඩා කළ ඉණිම හතරෙන් ඉණිම තුනකදීම කඩුලු 5 ට වඩා දවා ගැනීමේ දක්ෂතාවයක්ද ප්‍රදර්ශනය කරමින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...