ඉන්දියන් ව්‍යාප්තවාදය : අපරාදේ මැරිච්ච හැටදාහ ….

Date:

එදා ජ.වි.පෙ. උපායමාර්ගය වී තිබුනේ ඉන්දියන් ආක්‍රමණිකයාට එරෙහි දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් හරහා සමාජවාදී රාජ්‍ය පිහිටුවීමයි..

අද මාළිමාව මෙන් එදා ඒ ඒසඳහා යොදාගත් ප්‍රචාරක නම “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” යන්නයි..

එළිපිට නොකීවට එදා අරගලයට සම්බන්ද උනු බොහෝ දෙනෙකුට තිබුන ගැටළුව නම් ගල් කටස්, සහ පරන බෝර දෙලහ තුවක්කුවලින් පහරදී ලෝකේ හයවෙනි හමුදාව පලවාහරින්නේ කෙසේද යන්නයි..

ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන විස්තර කෙරුනු ජ.වි.පෙ. තුන්වන පන්තියේ(පන්තිය කීයද දැයි හරියට මතක නැත) එයටද උතරයක් දී තිබින. එනම් ලෝකේ පලවෙනි හමුදාව පන්නා දැමීමට වියට්නාමයේ වියට්කොං ගරිල්ලන්ගේ දුෂ්කර අරගලය අනුගමනය කිරීමයි ..

ඒ කාලේ විජිත් විජිතමුණි යන නාවික සෙබලා විසින් (උතමාචාරය අතරෙ) රජීව් ගාන්ධිගෙ කොන්දට රයිපල් බට් එකෙන් ගහපු දවසට පහුවදාම පක්ෂෙන් පෝස්ටරයකුත් ගැහුවා ” විජිත් විජිතමුණිගෙන් ගිලිහුන අවිය ජාතිය අතට ගනිවු !” කියලා..

කෙසේ හෝ අපෙන් පහර කෑ ඉන්දියන් හමුදාවක් නම් කිසිදා රටේ සිටියේ නැතත් අරගල කල උන් හැට දාහක් පමණ ශ්‍රී ලංකා හමුදාව අතින් මියපරලව ගියා..

මෙහි ඇති විශේෂ කාරනය නම් ඉන්දියන් හමුදාව පන්නා දැමීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තුල අරගලකල අතිබහුතරයක් සටන්කාමීන් එක ඉන්දියන් හමුදා බටයෙක්වත් කිසිදා දැක නොතිබීමයි.. හේතුව දේශප්‍රේමී අරගලය තිබ්බෙ දකුණේ වූ අතර ඉන්දියන් හමුදාව සිටියේ උතුරේ වීමයි..

අද විතරක් නෙමේ එදත් හිටියෙ හතරකොන පැටලිලා..

අපරාදේ මැරිච්ච හැටදාහ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...