සංවෘත ආර්ථික මිථ්‍යාව ….

පමාවී හෝ අප සංවෘත හෝ නිෂ්පාදන ආර්ථික, දේශීය ආර්ථික මේ විවිධ නාමකරනයන්ගෙන් එන සකලවිධ දූපත් ආර්ථික මිත්‍යාවන්ගෙන් ගැලවිය යුතුව තිබේ..

අප විසින් ආනයන සීමාකලවිට අපගේ අපනයන මිලදී ගැනීමට ලොව කිසිවෙක් ඉතිරි නොවන බව ට්‍රම්ප් විසින් අපට කියාදී තිබේ.. නව ලොව තුල ජාතික ආර්ථික, නිශ්පාදන ආර්ථික ප්‍රලාප පුස්සක්වී අවසන්ය..

අසූගනන්වල විජේවීරයන් විසින් ඔහු බලයට පත්වූ විට ජේ. ආර්. මෙරටට ගෙනා සියළු ආයෝජන(ඇඟලුම්) සතපහක වන්දියක් නොගෙවා රජයට පවරා ගන්නා බවක් කියා තිබුනි.. ඇත්තෙන්ම එය එදා එසේ වුණි නම් රජයට පවරගන්නා ලද ඇඟලුම් නිෂ්පාදන මිලදී ගැනීමට පිටත ලෝකයේ ගැනුම් කරුවන්ද නොමැතිවනු ඇත.. එහි ඊළඟ මොහොතේ කර්මාන්ත පද්දතිය බිඳවැටෙනු ඇත..

තම තමන්ගේ හීන ලෝකවල ජීවත්වන්නවුන්ට ජාතිකවාදී එක එක අභිමානවත් කතා කිව හැකිය..නමුත් ඒවා ප්‍රායෝගික නැත..එසේම ඒ අභිමානවත් හීන ලෝකවල වන්දිය ගෙවීමට වන්නේ ඔවුන්ට නොව සමස්ත ජනතාවටමය..

අප අද ජීවත්වන්නේ ආනයන අපනයන ලෝකයක මිස “සියරට දේ සිරිසැප දේ” හෝ “ගන්න අපේ දේ” ලෝකයක නොවන බව දැන්හෝ අවබෝධ කරගත යුතුව ඇත ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...