සංවෘත ආර්ථික මිථ්‍යාව ….

Date:

පමාවී හෝ අප සංවෘත හෝ නිෂ්පාදන ආර්ථික, දේශීය ආර්ථික මේ විවිධ නාමකරනයන්ගෙන් එන සකලවිධ දූපත් ආර්ථික මිත්‍යාවන්ගෙන් ගැලවිය යුතුව තිබේ..

අප විසින් ආනයන සීමාකලවිට අපගේ අපනයන මිලදී ගැනීමට ලොව කිසිවෙක් ඉතිරි නොවන බව ට්‍රම්ප් විසින් අපට කියාදී තිබේ.. නව ලොව තුල ජාතික ආර්ථික, නිශ්පාදන ආර්ථික ප්‍රලාප පුස්සක්වී අවසන්ය..

අසූගනන්වල විජේවීරයන් විසින් ඔහු බලයට පත්වූ විට ජේ. ආර්. මෙරටට ගෙනා සියළු ආයෝජන(ඇඟලුම්) සතපහක වන්දියක් නොගෙවා රජයට පවරා ගන්නා බවක් කියා තිබුනි.. ඇත්තෙන්ම එය එදා එසේ වුණි නම් රජයට පවරගන්නා ලද ඇඟලුම් නිෂ්පාදන මිලදී ගැනීමට පිටත ලෝකයේ ගැනුම් කරුවන්ද නොමැතිවනු ඇත.. එහි ඊළඟ මොහොතේ කර්මාන්ත පද්දතිය බිඳවැටෙනු ඇත..

තම තමන්ගේ හීන ලෝකවල ජීවත්වන්නවුන්ට ජාතිකවාදී එක එක අභිමානවත් කතා කිව හැකිය..නමුත් ඒවා ප්‍රායෝගික නැත..එසේම ඒ අභිමානවත් හීන ලෝකවල වන්දිය ගෙවීමට වන්නේ ඔවුන්ට නොව සමස්ත ජනතාවටමය..

අප අද ජීවත්වන්නේ ආනයන අපනයන ලෝකයක මිස “සියරට දේ සිරිසැප දේ” හෝ “ගන්න අපේ දේ” ලෝකයක නොවන බව දැන්හෝ අවබෝධ කරගත යුතුව ඇත ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...