*
Monday, April 7, 2025
spot_img

Latest Posts

ලකුණු 450 ක් ගහලත් මහනුවර පරාදයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 07 කොළඹ LNW :

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන සිව්දින ක්‍රිකට් තරගාවලියේදී මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4 න් ජය ගන්නට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.එහිදී ප්‍රථම ඉණිම ක්‍රිඩා කළ මහනුවර කණ්ඩායම ලකුණු 453 ක් ලබා ගෙන දඹුල්ල කණ්ඩායම ප්‍රථම ඉණිමේදී ලකුණු 340 ට සීමා කර ලකුණු 113 න් ප්‍රථම ඉණිමේ ඉදිරියෙන් සිටියදී දඹුල්ල කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂයි.
මෙහිදී අවධානය යොමු විය යුතු විශේෂයෙන් අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අකිල ධණංජයගේ පන්දු යැවීමයි.

ඔහු මෙම තරගාවලියේ පස්වන වරටත් කඩුලු 5 සීමාවට පිවිසෙමින් මහනුවර කණ්ඩායමේ දෙවන ඉණිමේද ලකුණු 87 ට කඩුලු 5 ක් දවා ගන්නට ලැබෙනවා.එහෙත් පවන්ත වීරසිංහගේ ශතකය (101) සහ පසුපෙළින් පැමිණ නැවතත් තුන් ඉරියව් හැකියාව පෙන්වන රවිදු ප්‍රනාන්දුගේ ලකුණු 76 ත් සමඟ කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබා ඉණිම අත් හිටුවන මහනුවර කණ්ඩායම දඹුල්ල කණ්ඩායමට ලකුණු 392 ක ඉලක්කයක් ලබා දෙනවා.

එම ඉලක්කෙයේ තරගයේ සම්පූර්ණ ජය අපේක්ෂා කිරීමක් සහ ප්‍රථම ඉණිමේ ජය ආරක්ෂා කිරීමේ අරමුණක් තිබුණත් දඹුල්ල කණ්ඩායම ප්‍රවේගකාරි හඹා යාමකින් ලකුණු 392 ලබා ගැනීමට සමත් වන්නේ කඩුලු 6 ක් පමණක් අහිමි කර ගනිමින් වීම කැපී පෙණුනා.

මෙහිදී ක්‍රියාත්මක වූ නොතිබුණු ජයක් දඹුල්ලට ළඟා කළ සුවිශේෂීම ඉණිමේ හිමිකරු වන්නේ දසුන් ශානකයි.ඔහු පන්දු 56 දී හතරේ පහර නවයක් සහ හයේ පහර හයක් සමඟ ලබා ගන්නා ශතකය මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු සුනු විසුණු කර දැමුවා.දසුන්ට පහසුවක් ඇති කළේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් නිශාන් මධුශ්ක 136 සහ රොන් චන්ද්‍රගුප්ත එක් කරන ලද ලකුණු 136 ක සබදතාවයයි.එහිදී පළමු කඩුල්ල දැවී යාමෙන් පසු පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් සමඟ අංක තුන පිතිකරු ලෙස පැමිණි දසුන් දෙවන කඩුල්ල ලෙස ලකුණු පූවරුව 286 ක් ව තිබියදී දැවී යද්දී එහිදී ඇති වූ ලකුණු 150 ක සබඳතාවයෙන් ලකුණු 100 ක් ම දසුන්ට එක්ව තිබුණා.ඉන් ඉදිරියටත් සිය වගකීම පෙරට රැගෙන ගිය නිශාන් මධුශ්ක දැවී යන්නේ ලකුණු පූවරුව 324 ක් ව තිබියදීයි.


දසුන් ශානකගේ පිතිකරණ ගිණිකෙළිය නිසා මේ දක්වා තරගාවලියේ පන්දු ඕවරයකට හොඳම සාමාන්‍යයක් තබා ගෙන පන්දු යවමින් සිටිය ලහිරු කුමාරට පන්දු ඕවර් 10 දී ලකුණු 78 ක් ලබා දෙන්නට සිඳු වූ අතර මහනුවර කණ්ඩායම වෙනුවෙන් සහන් නානායක්කාර ලකුණු 115 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.

මේ අතර යාපනය සහ ගාල්ල කණ්ඩායම අතර පැවති තරගයෙන් ගාල්ල කණ්ඩාය පළමු ඉණිමේ ජයක් ලබන්නට සමත් වුණා.පළමු ඉණිම සඳහා ලකුණු 305 ක් ලැබූ යාපනය කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉක්මවමින් ලකුණු 371 ක් ලබන්නට එහිදී වැදගත්ම සබඳතාවය ඇති කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 64 ක් ද රමේෂ් මෙන්ඩිස් ලකුණු 134 ක් ද ලබා ගත් අතර ඔවුන් දෙදෙනා ලකුණු 169 ට කඩුලු 6 ක් දැවී ගොස් තිබූ ඉණිම වෙනුවෙන් 7 වන කඩුල්ලට ලකුණු 92 ක සබඳතාවයක් එකතු කරනු ලබනවා.අංක 8 පිතිකරු ලෙස රමේෂ් මෙම ඉණිමේදී පළමු ඉණිමේ ජය සඳහා කරන ලද කාර්යය විශිෂ්ඨ එකක් වූ අතර ඊට පසුව රැදී සිටි පිතිකරුවන් විශාල ලකණු ප්‍රමාණයක් ලබා නොගත්තද විශාල පන්දු ගණනකට මුහුණ දෙමින් සිය කඩුලු රැක ගනිමින් රමේෂ්ට ලබා දුන් සහයද අගය කළ යුතු වෙනවා.

දෙවන ඉණිමට පිටියට පිවිසි යාපනය කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් එකතු කරන අතර ශෙවෝන් ඩැනියල් ලකුණු 96 ක් ද රැස් කරනවා.නිරෝශන් දික්වැල්ල නොදැවී ලකුණු 60 එකතු කරන අතර තරගය නිමා වන විට ඔවුන් කඩුලු 5 ට ලකුණු 354 ක් ලබා සිටියා

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan