හැමෝම බලාසිටි සාකච්ඡාවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාව නොපවත්වා ඇති බව වාර්තා වේ.

එම සාකච්ඡාව , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම හේතුවෙන් අදාළ සාකච්ඡාව පවත්වා නොමැති බව සඳහන් වේ.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක තීරු බදු සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණ අතර, එම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වන බවට මීට පෙර වාර්තා විය.කෙසේවෙතත් අද පැවති සාකච්ඡාවට ඔහු සහභාගී වී නැත.

මහින්ද රාජපක්ෂ මහතා එම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකු අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් වෙනම පැවැත්වීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ, බොහෝ විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් අදාළ සාකච්ඡාව සිදු කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...

පොලීසිය දැන් කුඩු දාලා අපේ අයව අල්ලනවා – පොහොට්ටු ලේකම්ගෙන් පොලීසියට බරපතල චෝදනාවක්!

කොළඹ LNW: පොලීසිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ...

හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය සමයේ තරුණයින්...