අලුත් අවුරුද්ද කොහොමද දැං සැපද කියලා අපි නං අහන්නෙ නෑ – මනුෂ නානායක්කාර

Date:

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද ගණනාවක් සඳහා විසඳුම් යෝජනා කරමින් සමගි ජන බලවේගය නව වසර ආරම්භ කරන බව එම සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වසර මුලදී පැවති එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වසර අවසානය වනවිට තුන් හතර ගුණයකින් වැඩි වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ නව වසර සැමරීම සඳහා ජනතාවට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. ඉතිහාසය තුළ ආණ්ඩුවක් වඩාත් අසාර්ථක වූ වසරක් ලෙස 2021 වසර හැඳින්විය හැකි බවද නානායක්කාර මහතා පවසනවා.

රටේ ජනතාවට කිරිබත් කෑමට සිදුවන්නේ විදෙස් රටවලින් ආනයනය කළ සහල්වලින් බවත්, එම වාසනාව හිමි වී තිබෙන්නේද ජනතාවගෙන් සුළුතරයකට පමණක් බවත් පෙන්වා දෙන මනුෂ නානායක්කාර මහතා පවසන්නේ බහුතර ජනතාව පාන් කියාගත නොහැකි තත්වයට අසරණ වී ඇති බවයි.

කෙසේ නමුත් එදා විපක්ෂයේ සිටි නායකයන් මෙන් ‘බඩුමිල කොහොමද… දැන් සැපද…’ යනුවෙන් විමසා ආණ්ඩුවට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයක් ජනතාව අපහසුතාවයට පත් කිරීමට සමගි ජන බලවේගය කිසිසේත්ම කටයුතු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...