අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන්ගේ අවසන් කටයුතු සිදුකෙරේ (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (අප්‍රේල් 09) පස්වරුවේ සිදුකෙරිණි.

ඒ මහතාගේ දේහය අවිස්සාවේල්ල, තල්දූව, නාපාවල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණු අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියහ.

ඉන් අනතුරුව දෙහිඕවිට පොදු සුසාන භූමියේදී එම දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

හෘදයාබාධයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ මියගියේ අප්‍රේල් 06 වනදා ය. ඒ වනවිට ඔහු 38 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...