අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන්ගේ අවසන් කටයුතු සිදුකෙරේ (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (අප්‍රේල් 09) පස්වරුවේ සිදුකෙරිණි.

ඒ මහතාගේ දේහය අවිස්සාවේල්ල, තල්දූව, නාපාවල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණු අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණියහ.

ඉන් අනතුරුව දෙහිඕවිට පොදු සුසාන භූමියේදී එම දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

හෘදයාබාධයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ මියගියේ අප්‍රේල් 06 වනදා ය. ඒ වනවිට ඔහු 38 වැනි වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...