වෙළඳ යුද්ධය : ජනාධිපති ට්‍රම්ප් තීරුබදු ක්‍රියාත්මක කිරීමේදී චීනය හැර අනෙක් රටවලට දින 90ක සහන කාලයක් ලබා දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරන ලද තීරුබදු ඉහළ නැංවීමේ සැලසුම්, චීනය හැර බොහෝ රටවලට දින 90ක විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ, දින ගණනක් පැවති වෙළඳපල කැලඹීම් සහ අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම් වලින් පසුව ඔහුගේ ගෝලීය වෙළඳ යුද්ධයෙන් ඉවත් වී ඇති බවයි.

දින ගණනාවක් තිස්සේ තම ආක්‍රමණශීලී වෙළඳ උපාය මාර්ගයේ ස්ථිරව සිටින බව අවධාරනය කළ ට්‍රම්ප් ඊයේ(09)දිනයේදී නිවේදනය කර තිබුණේ, එක්සත් ජනපද තීරුබදු වලට එරෙහිව පළි නොගත් සියලුම රටවලට ජූලි මාසය වන තෙක් සහනයක් ලැබෙනු ඇති බවත්, 10% ක එක්සත් ජනපද තීරුබදුවකට පමණක් මුහුණ දෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ Truth Social හි සඳහනක් යොදමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, තීරුබදු පැනවීමේ සැලසුම් එළිදැක්වූ දා සිට රටවල් 75 කට වැඩි ප්‍රමාණයක් විසඳුමක් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් රජය හා සම්බන්ධ වූ බවයි.

කෙසේ නමුත්, බීජිනය හෙට සිට ඇමරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරුබදු පැනවීමට සූදානම් වන විට, ට්‍රම්ප් පැවසුවේ චීන අපනයන සඳහා ඇමරිකානු තීරුබදු වහාම ක්‍රියාත්මක වන පරිදි 125% දක්වා ඉහළ නංවන බවයි.

ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ එක් දිනක්තුල විශාලතම වැඩිවීම සනිටුහන් කරමින් S&P 500 මිණුම් ලකුණ 9.5% කින් හා අනෙක් කොටස් වෙළඳපොල දර්ශකයන් ද සැලකිය යුතු මට්ටමෙන් ඉහල ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...