බටලන්ද වාර්තාව ගැන විවාදය අද!

Date:

කොළඹ LNW:බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වීමට නියමිතයි. එය දෙදින විවාදයක් ලෙස සඳහන් වන අතර අද විවාදයෙන් අනතුරුව නැවත මැයි මාසයේ දිනක විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීති විරෝධිව රඳවා ගෙන වදකාගාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උක්ත වාර්තාව සකස් කර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පළමු පාලන සමයේ ස්ථාපිත කළ කොමිසම මඟින් එම වාර්තාව නිකුත් කර තිබූ නමුත් ඊට අදාළ නිසි නීතිමය පියවර ගෙන නොතිබුණි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය මාර්තු 14 වැනිදා එම වාර්තාව සභාගත කරන ලදී. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ අවධානය යොමුව තිබෙන අතර ඊට යුක්තිය ඉටුවිය යුතු බවට අවධාරණය කරමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...