නාමල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා හයියෙන් කෑගැහුවොත් පහුවදා මිනිහාගෙ නඩුව – ඇමති ටී. බී.

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් එහිදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝදි අතර අත්සන් තැබූ ගිවිසුම්වල ගුණ කියන අතර ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායක මහතා රට පාවාදී ඇතැයි චෝදනා කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“අර බේබි, මිනිහා ගියානෙ මේ ඊයෙ පෙරේදා ඉන්දියාවෙ. ඒ වෙලාවෙ මිනිහා එහේ බාසාවෙන් එහෙට කියනවා ජනාධිපතිතුමායි මෝදියි අත්සන් කරපු ගිවිසුම් අතිප්‍රබල ගිවිසුම් කියලා. ලංකාවට ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකාව පාවාදෙන ගිවිසුම් ගණනාවකට ඉන්දියාවේ මෝදිත් එක්ක අත්සන් කළා ලු. තාත්තා වගේමයි පුතාත්. ආයෙ ඇරපු අතක් නෑ, පළුවම තමයි. පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව ඇතුළෙ හයියෙන් කෑගැහුවොත් පහුවදා මිනිහාගෙ නඩුව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...