පුළුවන් නම් ආරක්ෂක ගිවිසුම එළියට දාන්න – දිලිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්!

Date:

කොළඹ LNW:ඉන්දියාව සමඟ එළඹි ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සර්ව ජනබලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ කිසිලෙසකින්වත් එය සභාගත කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවයි.

“NPP රජය පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කළා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් මේ විදියට කරලා නෑ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ, ඔව් අපි අත්සන් කළා ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ කියන්න. මේ ගිවිසුම්වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ.” යනුවෙන් දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...