මැයි 06 වෙනිදායින් පස්සේ විපක්ෂයේ කෙඳිරි ගාන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ – ඇමති හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂ කෙනෙකු හෝ ජනාධිපති ධුරයෙහි සිටියේ නම් පොලිස්පතිවරයා හැංගෙන්නේ ඒ ජනාධිපතිවරයාගේ නිවසේ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“විපක්ෂයේ ඒගොල්ලො ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන ඒ කාලෙ කිව්වෙ මොකක්ද ? අනුර කුමාර දිසානායක බලයට ආවොත්, මාලිමාවෙ ආණ්ඩුවක් ආවොත් හාමුදුරුවන්ට දානෙත් හම්බවෙන්නෙ නෑ කිව්වා. මම මේ හාමුදුරුවො වේදිකාවෙ තියාගෙන කියන්නෙ, කොහෙ හරි පන්සලක හාමුදුරුවොන්ට දානෙ නැතිවුණාද මාලිමාවෙ ආණ්ඩුවක් ආපුවාම ? මේ පොඩි කෙඳිරියක් තියෙනවානෙ අපිත් ඉන්නවා කිය කිය. ඔය කෙඳිරියත් ඉවර වෙනවා මැයි 06 වෙනිදායින් පස්සෙ. ඊටපස්සෙ කෙඳිරි ගාන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නෙ නෑ. පට්ට හොරු කියාදෙන්න එනවා අපට හොරු අල්ලන හැටි. සජිත් හරි, රනිල් හරි, නාමල් හරි, මහින්ද හරි, ගෝඨාභය හරි ජනාධිපති වෙලා හිටියා නම් ඔය පොලිස්පති හැංගෙනවාද ? හැංගෙනවා, හැංගෙන්නෙ ඒගොල්ලොන්ගෙ ගෙදර”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (අප්‍රේල් 11) පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර්...

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට මාස 20ක සිර දඬුවම් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන්...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...