කාන්තාවකට ගුවන් යානයකදී ලිංගික හිරිහැර කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 12 කොළඹ LNW :

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අදාළ කාන්තාව ඩුබායිහි සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක් වන බව සඳහන් වේ.

“ෆිට්ස් එයාර්” ගුවන් සේවයේ ඒ.ඩී – 822 දරන ගුවන් යානයෙන් ඇය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර,ඇය ගමන්ගත් ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු විසින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇති බව වාර්තා වේ.

මේ පිළිබදව එම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

අනතුරුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇති බව සඳහන් වේ.

මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ සැකකාර ඉන්දීය ජාතිකයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන බව පැවසේ.

එලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ, අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන් වේ.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...