අපි බඩුමලු බෙදද්දී මැතිවරණ කොමිසම ඒක නවත්තපු එක අසාධාරණයි. මැයි 6න් පස්සෙ දීලා වැඩක් නෑනෙ – ඇමති සමන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම රජය රුපියල් 5000ක බඩු මල්ලක් සහන මිලට පවුල් අට ලක්ෂයට බෙදාහැරීමට සැලසුම් කර තිබුණු නමුත් මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී එය නවත්වා දැමූ බවත් මැතිවරණ කොමිෂන් සභාවේ එම ක්‍රියාව අසාධාරණ බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“මෙච්චර දුර්වල විපක්ෂයක් අපේ රටේ ඉතිහාසයේ නම් තිබුණෙ නෑ. ඇනකොටා ගන්න තත්වයට පත්වෙලා. අඹරපු මිරිස් තමයි ඔය ඵලදෙන්නේ. ඒවාට ඉතින් අපට කොරන්න දෙයක් නෑ. අපි අර රුපියල් 5000ක බඩු මල්ල 800,000 කට දෙන්න සැලසුම් කළා. මේකට පැමිණිලි කළා මැතිවරණ කොමිසමට. අන්තිමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගත්තා, මේ බඩු මල්ල දෙන එක නැවැත්තුවා. දැන් ටිකක් දීගත්තා, දීගන්න බැරිවුණා. දැන් මේක හරි අසාධාරණයි කියලා අපි කියන්නෙ. අපේක්ෂකයො බෙදනවා නම් නවත්වන එක කමක් නෑ. රාජ්‍ය ආයතනවලින් මිනිස්සුන්ට දෙන සුබසාධනයක්නෙ. ඉතින් අවුරුද්දට දෙන එක අවුරුද්දට දෙන්න එපැයි. මැයි 06න් පස්සෙ දීලා වැඩක්නෑ නෙ ? එතකොට දැන් විපක්ෂය මිනිහෙකුට කන්න දෙන එකවත් දෙන්න ඉඩතියන්නෙ නෑ”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ පෙරේදා (11) බදුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...