NPP ආණ්ඩුවේ දේශීය ණය රු.බිලියන 500 ඉක්මවලා!

Date:

කොළඹ LNW: ගෙවුණු මාස හයක කාලය තුළ ආණ්ඩුව දේශීය වශයෙන් රු. බිලියන 500කට වැඩි ණය ප්‍රමාණයක් ගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ අනුව එම ණය වලින් කළ ව්‍යාපෘති මොනවාද යන්න විමසීමට සිදුව ඇති බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

”මේ මාස හයක කාලය තුළ බැඳුම්කර හරහා පමණක් අරගෙන තියෙන ණය ප්‍රමාණය රු. බිලියන 251ක්. ඒවගේම භාණ්ඩගාර බැඳුම්කර හරහා මේගොල්ලෝ අරගෙන තියෙන ණය ප්‍රමාණය ඒ හා සමානයි. බැඳුම්කර හරහාත් විශාල ණය ප්‍රමාණයක් අරන් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් හරහාත් දේශීය වශයෙන් රු. බිලියන 251ක් ලබාගෙන තිබෙනවා. මේක දිහා බැලුවහම අපිට පේනවා රු. බිලියන 251ක් සහ 241ක් ඒ කියන්නේ රු බිලියන 500කට වැඩි ප්‍රමානයක් ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර හරහා දේශීය වශයෙන් අවරන් තිබෙනවා.විදේශීය ණය වෙනම. අපි අහන්නේ රු බිලියන 500කට වඩා දේශීය වශයෙන් ණය අරගෙන කරපු ව්‍යාපෘති කුමක්ද?ඒ ණය වලින් කුමක්ද කළේ?” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් විමසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (27) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 27) දිනයේදී උතුර, නැගෙනහිර...

බාල ඖෂධ : ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත ගැන CIDයට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක්...

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...