තම පවුල සමඟ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමකාමීව සමරන්න – අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමි

0
213

රෂිකා හෙන්නායක අප්‍රේල් 14 කොළඹ LNW :

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් , තම පවුල සමඟ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමකාමීව, සතුටින් සමරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පැවසූහ.  උන්වහන්සේ පෙන්වා දෙන්නේ සියලු පුද්ගලයන් සතුටින් සාමකාමීව නව වසරේ වැඩ ආරම්භ කළ යුතු බවයි. 

අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ වෛරය අමතක කරමින් මිතුරුදම් ඇතිකර ගනිමින් උදා වූ නව වසර සියලු රට වැසියා සැමරිය යුතු බවයි.