සටහන – පුලී
අප්‍රේල් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1977 වසරේ අගෝස්තු 22 දින උපත ලද බ්‍රයන් ජොන්සන් යනු මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන සහ වාර්තා කරන උපාංග නිර්මාණය කරන සමාගමක් වන කර්නල් හි සහ මුල් අවධියේ විද්‍යා හා තාක්ෂණ සමාගම්වල ආයෝජනය කරන ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන OS අරමුදලේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වේ.
සෞඛ්‍ය පිළිබඳ ඔලුවෙන් හිතන පතන මෙන්ම තාක්ෂණික ව්‍යවසායකයෙකු වන බ්‍රයන් ජොන්සන්, සමාජජාල පරිශීලකයින් අතර ‘වයස්ගත වීම වැළැක්වීමට වෙර දරන කෝටිපතියා’ ලෙස හඳුන්වයි.

ඔහු වරක් දීර්ඝායුෂ ලැබීමට යතුර වශයෙන් ප්‍රකාශ කළ ඖෂධයක් ඔහුගේ ජීව විද්‍යාත්මක වයසට යාම වේගවත් කර ඇති බව සොයා ගැනීමෙන් පසු එය භාවිතා කිරීම නතර කර ඇති බවට ද පැහැදිලි කර තිබේ.
වයසට යාම මන්දගාමී කර ආපසු හැරවිය හැකි ආකාරය පිළිබඳව වසර ගණනාවක් අත්හදා බැලීම් කළ ජොන්සන් නම් මේ අමරණීයත්වයට ලෝභී මිනිසා, මෑතකදී යූ ටියුබ් වීඩියෝවකින් හෙළි කළේ මේ නිසා ප්‍රතිශක්තිකරණ මර්දන ඖෂධයක් වන රැපමයිසින් ගැනීම ඔහු නැවැත්වූ බවයි.
මුලින් අවයව බද්ධ කිරීමේ රෝගීන් සඳහා නිපදවූ මෙම ඖෂධය වයස්ගත වීම වැළැක්වීම් කෙරෙහි ද ජනප්‍රිය වී තිබුණි. අතුරු ආබාධ සහ එහි වයස්ගත වීම වැළැක්වීමේ ප්‍රතිලාභ පිළිබඳව සැක පහළ කරන නව පර්යේෂණ හේතුවෙන් බ්‍රයන් ජොන්සන් එම ඖෂධය ගැනීම නතර කිරීමට තීරණය කළේය.
2009 අධ්‍යයනයකින් පසු, ජොන්සන් වසර පහක් තිස්සේ ඔහුගේ වයස්ගත වීම වැළැක්වීමේ ක්‍රමවේදයට රැපමයිසින් ඇතුළත් කර තිබුණි. එහිදී අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ඖෂධය මීයන්ගේ ආයු කාලය 14% දක්වා දීර්ඝ කළ බවයි. 2023 දී කරන ලද මානව අත්හදා බැලීමකදී, සහභාගී වූවන්ගෙන් 65% ක් සෞඛ්‍ය සම්පන්න බවක් වාර්තා කළ අතර, එය ඔහුගේ විශ්වාසය ඒ කෙරෙහි තවදුරටත් ශක්තිමත් කළේය.
කෙසේ වෙතත්, එහි අතුරු ආබාධ ලෙස මුඛයේ වණ, තුවාල සුව කිරීමේ ප්‍රමාදයන්, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම සහ රුධිරයේ සීනිවල ඉහළ යාම ද ඇතුළත් විය. එහිදී හෘද ස්පන්දන වේගය වැඩිවීම ඔහුට බිය උපදවන සුළු විය.
යේල් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් රැපමයිසින් පිළිබඳ ඔහුගේ සැකයන් තවත් වැඩි වූ බව ඔහු පැවසීය.
මෙම අධ්‍යයනය මඟින් දීර්ඝායුෂ වැඩි දියුණු කරන්නෙකු ලෙස රැපමයිසින් හි කීර්ති නාමයට බලපෑමක් ඇතිවන ලදී. වයසට යාම හා සම්බන්ධ ජීව විද්‍යාත්මක දර්ශක වන එපිජෙනටික් සලකුණු වලට අහිතකර බලපෑම් 16 ක් එම පර්යේෂණය මගින් හඳුනාගෙන තිබේ.