රන්දවුම්භාරයේ සිටින පිල්ලෙයාන් තවමත් කට ඇරලා නැහැලු!

Date:

කොළඹ LNW:අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම්භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පාදක වූ කාරණය සම්බන්ධයෙන් හෝ වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු ප්‍රකාශ කිරීමක් කර නොමැති බව වාර්තා වෙයි.

පසුගිය 13 වැනිදා ඔහුගේ නීතිඥවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී හමු වී විනාඩි 30ක පමණ කාලයක් සාකච්ජා කර ඇති අතර එහිදී පිල්ලෙයාන් කඳුළු සලමින් සංවේදී වී ඇති බව සඳහන්.

2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන්ව 2025 අප්‍රේල් 08 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනුලැබීය.

මේ අතර පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 10 වැනිදා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරයට ද පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් ඇති බවට විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පිල්ලෙයාන් සමඟ සාකච්ජා කිරීමට අවස්ථාව සලසන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට දුරකථනය මාර්ගයෙන් ආආආආආ තිබුණ අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුණි.

රැඳවුම්භාරයේ සිටින සැකකරුවෙකු සමඟ දුරකථනයෙන් කතා කිරීම නීති විරෝධී බැවින් හිටපු ජනාධිපතිවරයාට එම අවස්ථාව ලැබී නැත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...