හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිගේ සහභාගීත්වයෙන් මහනුවර නාථ දේවාලයේදී!

Date:

කොළඹ LNW:හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.

සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන්ගේ අශිර්වාද පරිදි පෙරවරු 09.04ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාව බලා හිස තෙල් ගැල්වීම සිදුවිය.

නීරෝගීබව ප්‍රාර්ථනා කරමින් සිදුවන මෙම චාරිත්‍රය සිංහළ හින්දු අලුත් අවුරුදු අවසානයේ සිදුවන ප්‍රධාන චාරිත්‍රයක් වන අතර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ පිහිටි ඓතිහාසික නාථ දේවාල භූමයේදී සෑම වර්ෂයකදීම මෙම චාරිත්‍රය ඉටු කරනු ලබයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන ලද මෙම චාරිත්‍රයට සමගාමීව අලි අතුන් සඳහා හිස තෙල් ගැල්විම ද සිදු කරන ලද්දේ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් බුරුම රාජා සහ මිගාර ඇතුන් සඳහා තෙල් ගැල්වීම සහ ආහාර ලබාදිම ද මෙම අවස්ථාවේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සහ පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර හිමි, අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුනි මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා, නාථ දේවාල බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...