ගිම්හානයේ විවෘත වීමට නියමිත චීනයේ ලොව උසම පාලම

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව උසම පාලම වශයෙන් නිරිතදිග චීනයේ ගුයිෂෝ හි හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් පාලම දැනට ඉදිකිරීම් අවසන් වීමට ආසන්නව පවතින බව වාර්තා වේ.

එය ගංගා මට්ටමේ සිට අඩි 2,051 ක් උසින් යුක්ත වන අතර එය ප්‍රංශයේ වත්මන් පාලමේ හිමිකම් දරන මිල්ලාවු වයඩැක්ට් වලට වඩා අඩි 947 ක් උස වේ. මෙම පාලම වානේ ට්‍රස් එල්ලෙන පාලමක් වන අතර එහි මුළු දිග අඩි 9,482 කි. ඉදිකිරීම් නිල වශයෙන් 2022 ජනවාරි 18 වන දින ආරම්භ වූ අතර 2025 ජුනි 30 වන දින අවසන් කිරීමට නියමිත වේ.

සමස්තයක් වශයෙන්, මෙම ට්‍රස් ටොන් 22,000 ක් පමණ බරින් යුක්ත වන අතර එය අයිෆල් කුළුණු තුනකට සමාන වේ.

මෙම පාලම නිර්මාණය කිරීම හරහා ෂෙන්සෙන් නගරයට සැතපුම් 800 ක් බටහිරින් පිහිටි ගුයිෂෝ වැනි සාපේක්ෂව නොදියුණු කඳුකර ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන අතර පැය දෙකකටත් වඩා අඩු කාලයක් තුළ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා එම ප්‍රදේශය හරහා ගමන් කිරීම වෙන කවරදාටත් වඩා පහසු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...