චීනයෙන් අලුත් පාඩමක්!

Date:

රෂිකා හෙන්නායක

චීනය විසින්, ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට මුහුණ දීම සඳහා නව පියවර 48ක් හඳුන්වා දී තිබෙනවා.  ඒ, චීනයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණින් බවයි පැවසෙන්නේ.

සංචාරක දුම්රියන් සහ ස්කයි ඩයිවින් ක්ෂේත්‍ර ඒ අතරින් ප්‍රමුඛ වන අතර, ඒ අනුව සේවා පුළුල් කිරීම, ප්‍රවර්ධනය කිරීම, විවිධ පාරිභෝජන අවශ්‍යතා නවීකරණය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ තීරුබදු හේතුවෙන් චීනයේ ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ. 

මේ වසරේ පළමු කාර්තුවේදී චීනය, සියයට 5යි දශම 4ක ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇති බවටයි මත පළවී තිබුණේ. එම පුරෝකථනයන් සිදු කර තිබුණේ ට්‍රම්ප් පරිපාලනය විසින් චීනයට සියයට 145ක තීරුබදු පැනවීමට පෙරයි.  නව තත්ත්වය හමුවේ චීන ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවට මේ වන විට අනතුරු ඇඟවීම් සිදු වෙමින් පවතී.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...