ආර්ථික ස්ථාවර වී එහි ප්‍රතිඵල දැන් ජනතාවට දැනෙමින් තියෙන්නේ – ඇමති නලින්ද

කොළඹ LNW:ආර්ථිකය ස්ථාවර වී එහි ප්‍රතිඵල මහජනයාට දැනෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ආර්ථිකය පරිපූර්ණ වශයෙන් ස්ථාවර වන බවත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයෙන් යුක්තව මෙම රජය පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල භූමි පරිශ්‍රයේදී අද (16) පැවැති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ මේ දක්වා නොවිසදුණු ගැටලුවලට විසදුම් ලබාදීමට රජයට හැකියාව ලැබුණු බවත් ලක්ෂ දහසයක් පමණ වන රජයේ සේවකයන්ට සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා අය වැය මගින් වැටුප් ඉහළයාමක් සිදුකළ බවත් කීවේය. පාසල් දරු දැරියන් ද වෙනත් සහන ලබා ගත යුතු පාර්ශවයන් සඳහා ද සහන ලබාදී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම බිඳ වැටුණු සෞඛ්‍ය ක්ෂේත්‍රය යථාවත් කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටලු මතුවී ඇත්තේ 2022- 2023 වර්ෂවල ඖෂධ ඇණවුම් කිරීමේදී මතුවූ අක්‍රමිකතා හේතුවෙන් යැයි ද පැවසුවේය. උපකරණ ගැටලු, ඖෂධ හිඟයන් ආදිය සඳහා ක්ෂණික විසදුම් ලබාදීමට පියවර ගන්නා බව කී හෙතෙම ඉදිරි මාස කිහිපය තුළදී මහජනයා බලාපොරොත්තුවන පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවාක් ලබාදීමට හැකිවනු ඇතැයි ද කීවේය.

සංදර්ශන විසදුම් නොව ස්ථිරසාර විසදුම් ලබාදීමට කටයුතු කිරීම හේතුවෙන් නොවිසදුණු ගැටලු රැසක් නිරාකරණය කිරීමට හැකියාව ලැබුණු බව ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සක්‍රීය වී යටපත් වී ඇති පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යක්ෂවීම හා පරීක්ෂණ වේගවත් වීම, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිචෝදනා ගොණු කිරීම ආදී නෛතිකමය අංශයේ ක්‍රියාත්මකවීම් මේ වන ස්වාධීන අයුරින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය මගින් සිදු කරන්නේ එම ආයතන සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම පමණක් යැයි ද පැවසුවේය.

වංචා, දූෂණ, ඝාතන, දේශපාලන වැරදි ආදිය ජාලගත වී ඉතාමත්ම බරපතල අයුරින් පැවති බවත් ඒ සියල්ල ඝාතන වශයෙන් නොව දේශපාලන කුමන්ත්‍රණ වශයෙන් හැදින්විය හැකි යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තව දුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...