මම ලංකාවේත් නෑ, මගේ ගෙදර කිසිම දේශපාලන සාකච්ඡාවක් තිබ්බේත් නෑ – තිරු නඩේෂන්

Date:

නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.

“හේමා ප්‍රේමදාස මහත්මිය කියන්නේ මම ගරු කරන කාන්තාවක්. මම ඒ මහත්මියව පසුගිය වසර 10කින් මෙපිට හමුවෙලා නැහැ. ඒ වගේම පසුගිය සතියකට වැඩි කාලයක් මම ලංකාවේ හිටියෙත් නැහැ. මම ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වෙලා ඉන්නෙ. ඒ වගේම ඔය කියන විදියට මගේ ගෙදරට හේමා ප්‍රේමදාස මහත්මිය හෝ ආණ්ඩුවේ ප්‍රබලයෙක් හෝ කිසිම කෙනෙක් මේ දවස්වල ආවෙත් නැහැ, ඔහොම කිසිම දේශපාලන සාකච්ඡාවක් මගේ ගෙදරදී වුණෙත් නැහැ. ඔය කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්.

දේශපාලනඥයින් කවුරු මොනවා කළත් හිටපු ජනාධිපති ආර්යාවක්, වැඩිහිටි කාන්තාවක් හැටියට ඒ මහත්මියගේ වයස ගැනවත් නොසලකා මෙහෙම බොරු ප්‍රචාරවලට පටළන එක හරිම කැතයි. එහෙම කරන්න එපා. ඔය කියන අයට පුළුවන් නම් මගේ ගෙදර එහෙම සාකච්ඡාවක් තිබුණා කියලා ඔප්පු කරලා පෙන්නන්න.

ඒ වගේම, මම දේශපාලනය කරන්නෙත් නැහැ. මාව මේවාට පටළාගන්නත් එපා”

යනුවෙනුයි තිරුකුමාර් නඩේෂන් මහතා ලංකා නිව්ස් වෙබ් වෙත සඳහන් කළේ.

නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමට අදාළව තිරු නඩේෂන් මහතාගේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පැවති බවට චෝදනා කර තිබුණේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ඔහුගේ පක්ෂය විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...

රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...