කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුවක් ඊයේ (16) මැලේසියාවේදී සිදු වුණා.
උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගය යනාදී ප්‍රධාන ව්‍යාපෘතීන් සංවර්ධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
කලාපීය ආර්ථික ඒකීයකරණයට අවධානය යොමු කරමින් ඉදිරියටත් චීනය සමග කටයුතු කරන බවයි මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා එහිදී පවසා ඇත්තේ. එමෙන්ම චීන-මැලේසියා දෙපාර්ශ්වයේ ඉදිරි සහයෝගීතා පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
දිනූෂි ධීරසිංහ
