ඇමරිකාව විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් යේමනයේ 38 දෙනෙකු මරුට :102කට තුවාල

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(17)දිනයේදී යේමනයේ රාස් ඊසා තෙල් වරායට එක්සත් ජනපදය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් 102දෙනෙකු තුවාල ලබා ඇති බව වර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හවුති මාධ්‍ය සඳහන් කර තිබුණේ, මෙම ප්‍රහාරය එක්සත් ජනපද හමුදා විසින් රටට එල්ල කරන ලද මාරාන්තිකම ප්‍රහාරවලින් එකක් වන බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි සඳහන් කර තිබුණේ, ගුවන් ප්‍රහාර හරහා සෙසු රටවැසියන් සූරාකෑම සහ ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දෙන හවුතිවරුන්ගේ ආර්ථික බල මූලාශ්‍රය පහත හෙලීම අපේක්ෂා කළ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව, රාස් ඊසා යේමනයේ තීරණාත්මක හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි යටිතල පහසුකම් වන තෙල් නල මාර්ගයක් සහ වරායක් පවත්වාගෙන යන අතර, යේමනයේ ආනයනවලින් සියයට 70 ක් පමණ සහ එහි මානුෂීය ආධාරවලින් සියයට 80 ක් රාස් ඊසා, හොඩෙයිඩා සහ අස්-සාලිෆ් වරායන් හරහා ගමන් කරයි.

ජනවාරි මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු මැද පෙරදිග සිදු කළ විශාලතම මිලිටරි මෙහෙයුම මෙය වන අතර රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන ප්‍රහාර සන්නද්ධ ව්‍යාපාරය නතර කරන තුරු ප්‍රහාර දිගටම පවතින බවට වොෂින්ටනය හවුතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ගුවන් ගමන් 4700කට ආසන්න සංඛ්‍යාවක් අවලංගුයි; 10,494ක් ප්‍රමාදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 14 : ඇමෙරිකා එක්සත්...

මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන - රුවන් නෙළුගොල්ල මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...

රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු...