කැනඩා මහා මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 28 වන දින පැවැත්වීමට නියමිත කැනඩාවේ මහා මැතිවරණයේ ප්‍රධාන ෆෙඩරල් පක්ෂ හතරේ නායකයින්ගේ ප්‍රධාන මාතෘකාව ඩොනල්ඩ් ට්‍රම්ප් බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඊයේ(17)දිනයේදී ප්‍රධාන ෆෙඩරල් පක්ෂ හතරේ නායකයින්වන ලිබරල් නායක මාර්ක් කාර්නි, කොන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර්, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ජග්මීට් සිං සහ බ්ලොක් ක්විබෙකොයිස් නායක යෙව්ස්-ෆ්‍රැන්කොයිස් බ්ලැන්චෙට් ඔවුන්ගේ දෙවන සහ අවසාන විවාදයේදී කැනඩාව එක්සත් ජනපදය සමඟ අඛණ්ඩව පවතින වෙළඳ යුද්ධයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ප්‍රධානතම මාතෘකාව වශයෙන් සාකච්ජා කර ඇත.

මෙහිදී ට්‍රම්ප් කැනේඩියානු වානේ ඇතුළු භාණ්ඩ සඳහා 25%ක බදු පැනවීම, ඇමරිකාව සිය 51ක් වන ප්‍රාන්තය වශයෙන් කැනඩාව හැඳින්වීම ආදී කරුණු සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.

මිට අමතරව විවාදයේ සඳහන් වූ කරුණු අතර ජිවන වියදම් ඉහල යාම හා නිවාස දැරිය හැකි මිලකට ලබා ගැනීම සාකච්ජා කළ අනෙකුත් කරුණු අතර විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...