“සිරි දළදා වන්දනාව”ට අද ජනපතිත් එක්වෙයි!

Date:

රෂිකා හෙන්නායක

“සිරි දළදා වන්දනාව” අදින් ආරම්භ වන්නේ  වසර 16කට පසුවයි. මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12.30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගි වීමට නියමිතයි. 

මීට අමතරව විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට නියමිත අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි. 

ආරම්භක දිනය වන අද දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා  සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර, හෙට සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උන්වහන්සේ කියා සිටියේ සියලු බැතිමතුන් පමණක් නොව පූජ්‍ය පක්ෂය පවා මෙහිදී දැඩි පරික්‍ෂාවකට ලක් කරන බවයි. මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය කියා සිටියේ පැමිණෙන සියලු බැතිමතුන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සහ ආහාරපාන ලබා දීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවයි. 

බැතිමතුන්ට ආහාර ලබා දීම සඳහා දන්සැල් 383ක් ලියාපදිංචි වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට සුදුවතින් සැරසී පැමිණෙන ලෙසටද ඉල්ලීමක් කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...