නීති විරෝධීව පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගනිස්ථාන ජාතිකයන් පිටුවහල් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක

පාකිස්තානයේ නීති විරෝධීව රැඳී සිටි ඇෆ්ගනිස්ථාන ජාතිකයන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමට පාකිස්තාන රජය පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම මාසය තුළදී පමණක් පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානුවන් 19,500කට වැඩි පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වන අතර, එලෙස පාකිස්තාන නිලධාරීන් විසින් පිටුවහල් කර ඇත්තේ ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබාදී ඇති ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පිරිසක් බවද වාර්තා වේ.

දිනපතා ඇෆ්ගනිස්ථාන පවුල් 700ත් 800ත් අතර ප්‍රමාණයක් පකිස්තානය විසින් පිටුවහල් කරනු ලබන අතර, ඉදිරි මාසවලදී එම ප්‍රමාණය මිලියන දෙකක් දක්වා ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
 

කෙසේ වෙතත්, පකිස්තානය තුළ ලියාපදිංචි නොවූ ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට රට හැර යාම සඳහා පකිස්තානය විසින් අප්‍රේල් 30 වනදා දක්වා මාසයක සහන කාලයක් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. 
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ 2021 වසරේදී තලේබාන් සංවිධානය බලය අත්පත් කර ගැනීමෙන් පසු පැමිණි ඇෆ්ගනිස්තානුවන් ලක්ෂ 7ක් ඇතුළුව මිලියන 3.5කට වැඩි පිරිසක් පාකිස්තානයේ ජීවත් වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...