2019 සිට 2024 සැප්තැම්බර් දක්වාම පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කරන්නයි – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2019 අප්‍රේල් මාසයේ සිට 2024 සැප්තැම්බර් දක්වාම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් වසන් කිරීම බවත් වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව ඉතාම නිරවුල්ව පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට අදාළ පියවර ගනිමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“2019 පාස්කු ඉරිදා තමයි බලය ලබාගැනීමේ අරමුණින් විශාලම ඛේදවාචකය සිද්ධ වුණේ. 2019 අප්‍රේල් මාසෙ ඉඳන් 2024 සැප්තැම්බර් දක්වා අවුරුදු පහහමාරක්ම පරීක්ෂණවල අරමුණ වෙලා තිබ්බේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කරන්න. 2019 තිබුණු ආණ්ඩුවට හෝ 2019 නොවැම්බර්වල බලයට පත්වෙච්ච ආණ්ඩුවට හෝ කිසිසේත්ම වුවමනාවක් තිබුණෙ නෑ මේ සැබෑ වග උත්තරකරුවන් නීතිය හමුවට ගේන්න. දැන් අවුරුදු හයක් ගතවෙලා තිබෙනවා, අපි බලය අරගෙන මාස හයකට ආසන්න කාලයක් ගතවෙමින් තිබෙනවා, අපි ඉතාමත් නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා අවශ්‍ය වෙන පියවර අරගෙන තිබෙනවා, අරගනිමින් ඉන්නවා. ජනාධිපති කමිෂන් වාර්තාවක් ආවා පාස්කු ප්‍රහාරය පිළිබඳව, ඒකෙ සියලු වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. සමහර ලේඛන කොටස් සඟවලා තමයි පාස්කු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාව එළියට ආවෙ. අද මම පාස්කු ප්‍රහාරයේ කොමිෂන් සභා වාර්තාවේ සියලු ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා සියල්ල විමර්ශනය කරන්න. සඟවා තිබුණු ලේඛන. අපි බලයට පත්නොවෙන්න තාමත් ඒ ලේඛන සඟවලා තිබෙන්නෙ, අපි ඒ සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළා හොඳට කියවලා විමර්ශන ඉස්සරහට ගෙනියන්න. ඒකෙ නිර්දේශ ගණනාවක් තියෙනවා, ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ ප්‍රහාරය පිළිබඳව තැන තැන ආන්දෝලනයට තුඩු දුන්න සිදුවීම් තියෙනවා. වව්නතිව් පළමු පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ තැනට ජැකට් එකක් ගිහිල්ලා දැම්මේ කවුද ? සමහර IMI අංක තියෙනවා, ඒ දුරකථන පාවිච්චි කළේ කවුද ? සැකයක් තියෙනවා, අපි ඒ සැක ඔක්කොම නිරාකරණය කරමින් ඉදිරියට යමින් තිබෙනවා. මේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් හෙළිදරව් කිරීමේ වගකීම අපි බාර අරගෙන තිබෙනවා, ඒක අපි කරනවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) පොලොන්නරුවේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...

වසර හතරකට පෙර මැකී ගිය ”දේදුන්න”

මංගල සමරවීර කියන දේශපාලනඥයා,මානවහිතවාදීයා, සෞන්දර්යවේදියා වගේම මගේ හෘදයාංගම මිතුරා...

අදත් පාන්දරින්ම වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු...