ජනාධිපතිතුමා අවුරුදු සුබපැතුම් SMS එක නවත්තලා ලක්ෂ 980ක් ඉතුරු කළා. ඒකම ලොකු ජයග්‍රහණයක් – කොට්ටහච්චි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මීට පෙර ජනාධිපතිවරුන් අලුත් අවුරුද්දට සුබපතමින් ජනතාවගේ ජංගම දුරකථනවලට කෙටි පණිවිඩ එවූවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවන් කෙටි පණිවිඩයක් නොඑවීම තුළින් රුපියල් ලක්ෂ 980ක් රටට ඉතිරි කළ බවත් එම ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“අපි අපේ රටේ නායකත්වයට අපේ එකෙක් පත්කරලා යැව්වා. ඔහු කොච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවාද කියන එක ලැයිස්තුවක් කියන්න පුළුවන් වුණත් මං හිතනවා ලැයිස්තුවක් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි එකම එක කතාවක් විතරක් කියනවා. මේ අලුත් අවුරුද්දටත් අපට ෆෝන් එකට එන අවුරුදු සුබපැතුම් එක්ක බලනකොට ජනාධිපතිතුමාගෙනුත් අපට සුබපැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ ඒක ආවෙ නෑ. ඒ සුබපැතුම් පණිවිඩය ආවෙ නෑ කියලා රටට ප්‍රශ්නයක් වුණෙත් නෑ, අපට ප්‍රශ්නයක් වුණෙත් නෑ. හැබැයි විශාල මුදල ඉතුරු වුණා කියන එක විතරක් කියන්න ඕනෙ. පහුගිය අවුරුද්දෙ විතරක් මේ SMS එකට රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා. අපේ සල්ලි අරගෙන අපටම SMS ගහපු ඒ ක්‍රමය අපේ නායකයත්වයක් තුළින් වෙනස් කරලා තියෙන එකම අපි ලබපු ජයග්‍රහණයක් තමයි”

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පෙරේදා (අප්‍රේල් 20) කළුතර ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දගේ ආරක්ෂක නෙවිල් ඇප මත නිදහස්!

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි...

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත්...