චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි!

Date:

කොළඹ LNW: චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කාම්බෝජයේ Norodom Sihamoni රජු අතර හමුවක් පසුගියදා කාම්බෝජයේ නොම් පෙන් නගරයේ දී සිදු වුණා.

Norodom Sihamoni රජු ඔටුනු පැළදීමේ 20 වැනි සංවත්සරය හා කාම්බෝජයේ සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් කාම්බෝජයේ නිල සංචාරයේ නිරත වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ ජනතාව වෙත නව වසරේ සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

කාම්බෝජයට අනන්‍ය වූ සංවර්ධන මාවතේ ගමන් කිරීමට චීනය ස්ථිරව සහාය දක්වන බවයි චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ. චීන මාදිලියේ නවීකරය කාම්බෝජය ඇතුළු කලාපීය රටවල් වෙත වඩාත් පුළුල් අවස්ථා ලබා දිය හැකි බවට විශ්වාස කෙරෙනවා.

චීනය සමග එක්ව, ආසියන් සංගම් – චීන සහයෝගිතා, Lancang-Mekong සහයෝගිතා ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණය යටතේ සම්බන්ධීකරණයන් තහවුරු කිරීමටත් කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීමටත් තම රට සූදානම් බව ද Norodom Sihamoni රජු එහිදී කියා සිටියා.

එම හමුවේදී Norodom Sihamoni රජු ෂී ජින්පිං මහතා වෙත කාම්බෝජයේ ‘Grand Order of National Merit’ පදක්කම පිරිනැමීම විශේෂත්වයක්.

දිනූ ෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...