ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම පරාජය වැළඳ ගනියි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 24කොළඹ LNW:

ඉන්දුනීසියාවේ පැවත්වෙන ආසියානු හොකී සම්මේලන තරගාවලියේ පිරිමි අංශයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ ලද දරුණුම පරාජයට මුහුණ දෙමින් බංගලාදේශය ඉදිරියේ ගෝල 5-0 ට පරාජය වැළද ගත්තේය.කාන්තා අංශයේ තරගයේදි ද චීන තායිපේ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 5 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රැස් කර ගැනීමට හැකි වුයේ එක් ගෝලයක් පමණි.

තරගාවලිය සජීවිව ක්‍රීඩා පිටියේ සිට නැරඹීමට නොහැකි වුව ද,ආසියානු හොකී සම්මේලක ෆේස්බුක් පිටුවෙන් නරඹන විට දැණුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට වඩා වේගවත් සහ ශක්තිමත් වූවේනම් ද,පන්දු පාලනයේ දී උපායශීලීත්වය සමඟ වේගය ක්‍රියාත්මක කළ හැකිව තිබුණේ නම් බොහෝ කණ්ඩායම්වලට අභියෝග කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබුණ බවය.
කාන්තා කණ්ඩායම පන්දුව වේගයෙන් පාලනය කරමින් පෙරට යාමේදී දක්වන අසමත්භාවය කැපී පෙණෙන අඩුවකි.ලංකාවේ රගර් හී වෘත්තිය මට්ටම පහළ තිබෙන අතර ඒවා ආයතන කිහිපයක වෘත්තියකට ඇති ඉඩ පුරවන ඒවාට සීමා වි ඇත.මේවා ලංකාවේ හොකි සකස් කිරීමේ අවධානය යොමු කළ යුතු ගැටළුය.අඛණ්ඩ පුහුණුවක් නැති,තරග සමයක ශාරිරික යෝග්‍යතාවය පරික්ෂා කර විවිධ රගර්මයම නොවන නිර්නායකද සැළකිල්ලට ගෙන තෝරන රගර් කණ්ඩායම්වලට යා හැකි දුර මිස ලාංකේය රගර්වලට නිසි ක්‍රමවේදයක් ඇතුළත යා හැකි රගර් දුර මේ ආසියානු තරගාවලියේදි ද දකින්නට ලැබුණේ නැත.

මේ තරගාවලිය නැවත අධ්‍යයනය කිරීම වැදගත්ය.මීටත් වඩා රගර් ප්‍රවීනයන් සහිත තාක්ෂණික අවබෝධයක් ඇති සමුච්ඡයකට රගර් තරගයෙන් තරගයට විමසා බැලිය හැකිනම් ඒ ඇතැම් තේරීම් පවා සිඳු වූ ආකාරය ගැන පවා අදහසක් ගැනීමට හැකියාව ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...