*
Thursday, April 24, 2025
spot_img

Latest Posts

” මා අවංකයි කියයුත්තේ ඔබයි “

උපාලි කොළඹගේ

කොළඹ LNW:මේ අපූරු කතාව මට කියා දුන්නේ දශක කිහිපයකට පෙර මගේ පැරණි මාධ්‍ය මිතුරකු වූ රංජිත් වීරසිංහ ය. අද ඔහු ජීවතුන් අතර නැත. මා හරි අවංකයැයි මට කිව නොහැක . එය කිය යුත්තේ අන් අය විසිනි . එමෙන්ම රංජිත් කී අනෙක් කතාවත් අර්ථ පූර්ණ ය. එනම් කිසිවකු ටිකක් අවංක යැයි කිව නොහැකි බවය. ටිකක් අවංක මිනිහාගේ ඉතිරි ටික වංක නිසා ඔහු වංකයකු බවයි රංජිත් කියන්නේ .

මේ කතා වර්තමාන දේශපාලන සන්දර්භයට ද ගළපා ගත හැකිය. එදා සිටි රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධ වේදිකාවල දී පපුවට ගසා ගෙන නැත්නම් ලක් පොළව ඉඹ තම තමන්ගේ හා තම පවුල්වල සාමාජිකයන්ගේ අවංකභාවය ගැන පුරාජේරු කතා කියනු අපි නොයෙක් විට අසා ඇත්තෙමු. අර්ථ විරහිත එම කතා වලින් හොඳටම වෙහෙසට පත්ව හෙම්බත් වූ බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ ආණ්ඩුවේ නායකයන්ද සෘජුව හා වක්‍රව එම වරදම කරනු දකින අපට ඇති වන්නේ සංවේගයකි.

මාලිමා ආණ්ඩුව ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සදා සනිටුහන් වන හැරවුම් ලක්ෂයකි. 1948 දී ලංකාවට නිදහස ලැබීම, 1956 දී බණ්ඩාරනායක මහතා බලයට පත්වීමද ශ්‍රී ලාංකීය දේශපාලන සංදර්භය තුළ සිදුවූ තවත් ප්‍රධාන හැරවුමි ලක්ෂ දෙකකි. එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 1970 ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීම හා ජේ ආර් ජයවර්ධන මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමද මගේ තක්සේරුවේ හැටියට රටේ සිදුවූ වැදගත් සිදුවීම් ගණයෙහිලා සැලකිය හැකිය .මේ සටහන ඉහත කී එම කරුණු පිළිබඳව නොවන නිසා ඒ ගැන මෙතනින් නවතමි.

කෙසේ වුවද මට අවශ්‍ය මේ ආණ්ඩුවේ නායකයන්ගේ පූච්චානම් කතා ගැන යමක් ලිවීමය. තමන් අවංක යැයි පෞද්ගලික හුවා දැක්වීමක් නොකළද මුළු ආණ්ඩුවේම අවංකභාවය ගැන පුරාජේරු කතා එමටය.

ඇත්තටම ආණ්ඩු වේ අවංකභාවය ගැන තක්සේරු කිරීමට සුදුසුම අය නිරීක්ෂකයන් වන අප ය. දැනුදු අපි මාලිමා ආණ්ඩුවේ හැකියාවන් හා අධිෂ්ඨානයන් පිළිබඳව ප්‍රමෝදයට පත්ව සිටිමු. මේ කෙටි කාලය සකසුරුවම්ව පොදු අරමුදල් භාවිතා කිරීම,නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ආදී නොයෙකුත් කේෂ්ත්‍රයන් පිළිබඳව අතීතයට සාපේක්ෂව අත්කර ගෙන ඇති දියුණුව පිළිබඳව ද සතුටට පත්ව සිටිමු.

නමුත් මාලිමා ආණ්ඩු වෙි මැති ඇමතිවරුන් සියලු දෙනා ඇල්වතුරත් නිවා බොන රහසින්වත් පවක් නොකරන පිරිසකැයි නොසිතමු. අපට අවශ්‍ය ඔවුන් අතුරෙන් කවුරුන් හෝ වරදක් කළහොත් පක්ෂ පාට නොබලා දඬුවම් ලබා දීමේ දේශපාලන සංස්කෘතියක් උදාවීම බලාසිටීමය.

විශේෂයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම පිළිබඳව සිදු කරන වර්ණනය විටෙක ඇ⁣ඟේ සීගඩු පිපෙන සුළුය . රාජ්‍ය තාන්ත්‍රික භාවයද අභිබවමින් එතුමා විසින් සිදුකෙරෙන ඇතැම් ප්‍රකාශ මගින් එතුමා තමාටම හානි සිදු කරගන්නා බවයි මට නම් හැ⁣ඟෙනුයේ.මේ වගෙ ආණ්ඩුවක් ආයි කවදාවත් ලැබෙන්නේ නැතැයි කියන අනුර කුමාර තමන් පිළේ සාමාජිකයන් අඟහරු ලොවින් හෝ වෙනත් ග්‍රහලෝක⁣යකින් සපැමිණි පිරිසක් ලෙස සලකා වර්ණනා කරනු ද දක්නට ලැබෙයි.

කෙසේ වුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන වේදිකාවේදී හා ඇතැම් පොදු සාකච්ඡා වලදී රාජ්‍ය නායකයකුට තබා සිල්ලර දේශපාලන නායකයකුට වත් ඔබින්නේ නැති බව නම් දැනටමත් ඔප්පුකර හමාරය. දැන් මොනවා කිව්වත් වෙනත් පක්ෂවලට බලය හිමිවන නගර හෝ ප්‍රාදේශීය සභා වලට මුදල් නොදෙන බවක් එතුමා කීබව හොඳට මතකය. මීට මාස කිහිපයකට පෙර වැඩිය දැඟලුවොත් කියල විපක්ෂය ට තර්ජනය කිරීම එතුමා පීලි පැන්න තව අවස්ථාවකි.

කෙසේ වුව මේ ආණ්ඩුවේ වැරදි හදා ගෙන ඉදිරියට යෑම හැර වෙනත් විකල්පයක් නම් පෙනෙන තෙක් මානයේ නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan