ඩෑන් ප්‍රියසාද්ගේ විතරක් නෙවෙයි දැන් නම් අපේ ජීවිතත් අවදානමේ!

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිදහසේ මිනී මරන්න ඉඩ දී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා චෝදනා කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්ව සිටියදී ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඩෑන් ප්‍රියසාද්ට පාතාල සම්බන්ධතා නොතිබුණ අතර ඔහු කුඩු ජාවාරම්කරුවෙක් හෝ මිනිමරුවෙක්හෝ නොවන අතර ඔහුව ඝාතනය කිරීමට පාතාලයට කිසිදු වුවමනාවක් නොමැති බව ගමගේ මහතා පැවසුවේය.

ඩෑන් ප්‍රියසාද්ගේ පමණක් නොව විරුද්ධ මත දරන තමන් ඇතුළු පිරිස්වලද ජීවිත අවදානමක් පවතින බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව මෙම මරණවල වගකීම ආණ්ඩුව ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ වන විට රටේ නීතියේ ආධිපත්‍ය පිරිහී ඇති බවයි මනෝජ් ගමගේ මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...