තීරුබදු සටනට මෙන්ම සාකච්ඡා සඳහාත් සූදානම් – චීනයෙන් ප්‍රකාශයක්!

Date:

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති Donald Trump මෑතකදී පෙන්වා දුන්නේ, චීනය සමග සාකච්ඡා කිරීමේදී ඇමරිකාව දැඩි ස්ථාවරයක් නොගන්නා බවයි. චීනය ඇමරිකාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් එසේ නොවුණහොත් ඇමරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ නොහැකි බවත් පවසන ඇමරිකානු ජනපතිවරයා අවධාරණය කර ඇත්තේ, ඇමරිකාව යනු නීති රීති සකසන පාර්ශ්වය බවයි. මේ බව සඳහන් කරමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එසේම ඇමරිකානු මුදල් අමාත්‍යවරයා Scott Bessent සඳහන් කර තිබෙන්නේ, චීනයෙන් වෙන් වීම ඇමරිකානු ඉලක්කය නොවන බවයි. පවතින ගැටළු සම්බන්ධයෙන් වසර දෙක තුනක් තුළ දෙරට අතර පුළුල් එකඟතාවකට පැමිණිය හැකි බව ඔහු පවසා තිබෙනවා.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun සඳහන් කළේ, ඇමරිකාව විසින් ආරම්භ කළ තීරුබදු යුද්ධය සම්බන්ධයෙන්, චීනයේ ආකල්පය ඉතා පැහැදිලි බවයි. ඒ, සටන් කිරීමට අවශ්‍ය නම්, චීනය කිසි විටෙකත් පසු නොබසින නමුත් සාකච්ඡා සඳහා එකඟ වන්නේ නම්, චීනය සිය දොරටු විවෘත කරනු ඇති බවයි.

ඇමරිකාවට සැබැවින්ම සංවාදය සහ සාකච්ඡා මගින් ගැටලු විසඳීමට අවශ්‍ය නම්, තර්ජනය කිරීම සහ අනිසි බල කිරීම නතර කළ යුතු බවයි චීනය පවසන්නේ. සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පදනම් මත, ඇමරිකාව චීනය සමග සංවාද සිදු කළ යුතු බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා එහිදී සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...