යේමනයේ හවුති සටන්කාමීන් සති හයක් තුළ ඩොලර් මිලියන 200 ක් වටිනා ඇමරිකානු ඩ්‍රෝන යානා බිම හෙළයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම මෑත සතිවලදී ඩොලර් මිලියන 200 කට වඩා වටිනා ඇමරිකානු රීපර් ඩ්‍රෝන යානා හතක් බිම හෙළා ඇති බව වාර්තා වේ.

එය සටන්කරුවන්ට එරෙහි වොෂින්ටනයේ මෙහෙයුමේ මෙතෙක් සිදු වූ වඩාත්ම සැලකිය යුතු ද්‍රව්‍යමය අලාභය සනිටුහන් කරන අතර ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කණ්ඩායමට එරෙහිව දිනපතා ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් පසු මාර්තු 15 වන දින සිට යේමනයේ හවුති පාලනය යටතේ ඇති ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මේ වන විට මියගොස් ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම අණදෙන ප්‍රකාශක ඩේව් ඊස්ට්බර්න් නිවේදනය කර තිබුණේ, එක්සත් ජනපද හමුදා ඉලක්ක 800 කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බවත්, අණදෙන මධ්‍යස්ථාන, අවි ගබඩා සහ ගුවන් ආරක්ෂක විනාශ කර ඇති බවත්, හවුති සටන්කරුවන් සහ නායකයින් සිය ගණනක් මරා දමා ඇති බවත්ය.

හවුතිවරු මේ වන විට ඊශ්‍රායලය ගාසා තීරට එරෙහිව සිදු කරන යුද්ධයට විරෝධය පළ කරමින් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඊශ්‍රායල, ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය නැව් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කරන අතර ඊශ්‍රායලය ස්ථිර සටන් විරාමයකට එකඟ වුවහොත් ප්‍රහාර නතර වන බව ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...