ට්‍රම්ප්ගේ පරිපාලනය විනිසුරුවරයන් අත්අඩංගුවට ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලේඛනගත නොකළ සංක්‍රමණිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උදව් කළ බවට වන චෝදනාවන් මත FBI ආයතනය විසින් මිල්වෞකි ප්‍රාන්තයේ විනිසුරු හැනා ඩුගන් අත්අඩංගුවට ගෙන ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

2013 වසරේ එක්සත් ජනපදයෙන් ඉවත් කර ඇති මෙක්සිකානු සංක්‍රමණිකයෙකු වන ෆ්ලෝරස් රුයිස් අත්අඩංගුවට ගැනීමෙන් වැලකි සිටීම හා පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් සඟවා තැබීම සම්බන්ධයෙන් හැනා ඩුගන්ට චෝදනා එල්ල කර තිබේ.

මිට අමතරව හිටපු මහේස්ත්‍රාත් විනිසුරු ජොයෙල් කැනෝ ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ දේපළෙහි කල්ලි සාමාජිකයින් තිදෙනෙකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අතර මෙහිදී අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, ආගමන කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් බලධාරීන්ට සහාය නොදක්වන ඕනෑම ප්‍රාදේශීය නිලධාරියෙකු විමර්ශනය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...